ගෝරිල්ලන් ගහනය වර්ධනය වෙලා

Date:

ගෝරිල්ලන් ගහනය තරමක වර්ධනීය තත්වයක් පෙන්නුම්කර තිබේ. රුවන්ඩාවේ ජාතික වනෝද්‍යානය විසින් දියත් කළ සංරක්ෂණ ක්‍රමවේදය මේ ලද ජයග්‍රහණයේ උපාය මාර්ගික තත්ත්වයක්.

රුවන්ඩාව, උගන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කඳුකර ගෝරිල්ලන් සඳහා ලොව එකම වාසස්ථානය වේ.

2010 වසරේදි සිදු කළ සංගණනයකින් තහවුරු වූ පරිදි රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් 880ක් වූ අතර, එය 2015 වසරේදි 1063ක් දක්වා වර්ධනය වී තිබේ.

ගෝරිල්ලන් ලොව සිඝ්‍රෙයන් වඳ වී යාමේ අභියෝගයට මුහුණ දී සිටින සත්ත්ව ඛාණ්ඩයකි. 1980 ගණන්වල මෙම සතුන් දඩයම් කිරීම නිසා අප්‍රිකාවේ විරුංගා කඳු වැටියේ ජීවත්වූ ගෝරිල්ලන් ප්‍රජාව 250 දක්වා පහත වැටී තිබිණි.

මෙම Virunga කඳුවැටිය අක්‍රිය ගිනි කඳු මූලික කරගත් කඳු වැටියකි. නැගෙනහිර අප්‍රිකාවේ උතුරු දේශ සීමාව දිගේ, රුවන්ඩාව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගන්ඩාව ආවරණය කරමින් එය පැතිර පවතී.

ප්‍රබල ආරක්ෂක විධිවිධාන සහ ප්‍රදේශයේ ගම්වැසියන් දක්වන දායකත්වය හේතුවෙන් කඳුකර ගෝරිල්ලන්ගේ රැකවරණය අද දවසේ තහවුරු වී තිබේ.

රුවන්ඩාවේ අද වන විට ඩොලර් 1,500 උද්‍යාන ටිකට් පතක වියදමෙන් සියයට 10ක් එරට ප්‍රජා ව්‍යාපෘති සඳහා වැය වන අතර සියයට පහක් ගම්වැසියන් සඳහා වන්දි අරමුදලකට වෙන් කෙරේ.

කොවිඩ් වසංගතයට පෙර රුවන්ඩාවේ ආර්ථිකයට සංචාරක ආදායම ඩොලර් මිලියන 25 ක දායකත්වයක් ලබා දුන් අතර එය ගෝරිල්ලන් නිසා ලද ඉහළ ආදායමක්. නමුත් මේ වන විට එම සංචාරක ආර්ථිකය කොවිඩ් නිසා බෙහෙවින් බිඳ වැටී තිබේ.

දැන් මෙම ගෝරිල්ලන් මිනිසුන්ට හුරු වී ඇති අතර, ඔවුන්ගේම වාසස්ථාන කාර්ය බහුල වන බැවින්, ජනාකීර්ණ ප්‍රදේශවලට යාමට ඔවුන් වැඩි වැඩියෙන් රුචිකත්වයක් දක්වන අතර, ඊට මෙම ගෝරිල්ලන් බිය නොවේ.

මෙම ගෝරිල්ලන් ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව සහ ඉබෝලා වැනි මිනිස් රෝග වලට ද ගොදුරු වේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...