විලියම් සහ කේට් රජ පවුලේ අනාගතය එක් ඡායාරූපයකින් එළි දක්වයි!

0
292

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
වේල්සයේ කුමරු සහ කුමරිය ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ නව කළු සුදු ඡායාරූපයක් රාජකීය පවුල නත්තල සමරන අවස්ථාවේ දී නිකුත් කර තිබේ.

“ඔබ සැමට ඉතා ප්‍රීතිමත් නත්තලක් වේවා!” යි X හි ඡායාරූපයක් පළ කරමින්, රාජකීය යුවළ සටහනක් පළ කර තිබිණි.

චාලට් කුමරිය ඇගේ සොහොයුරන් වන ජෝර්ජ් කුමරු සහ ලුවී කුමරු සමඟ බංකුවක වාඩි වී සිටින අතර, ඇයගේ දෑත් ඔවුන්ගේ උරහිස් මත තිබෙන ආකාරය එම ඡායාරූපයේ දැක්වේ.

මෙම ඡායාරූපය පවුලේ නිල නත්තල් කාඩ්පතේ ද ඇතුළත් වේ. යෝක්ෂයර් හි උපන් ඡායාරූප ශිල්පී ජෝෂ් ෂිනර් විසින් මෙම වසර මුලදී වින්ඩ්සර් හිදී මෙම ඡායාරූප ගන්නා ලදී.