වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු – ජනපතිගේ නත්තල් පණිවුඩය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ” සැමට පොදුවේ මුහුණ දීමට ඇති අභියෝග යථාර්ථයක් ලෙස හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු” යැයි ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම පණිවුඩයේ තවදුරටත් සඳහන් වන්නේ, අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු යන්නයි. තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ, නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියලු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ, සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයක් බවත්, තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුණු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙන බවයි.

නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බවද ජනාධිපතිවරයා තම රටවැසියනට තම නත්තල් දින සුබ පැතුම් පණිවුඩය මඟින් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...