යෙකටෙරිනා ඩන්ට්සෝවාට මැතිවරණයට ඉදිරිපත්වීම තහනම්, හේතුව පුටින්ට අභියෝග කිරීමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්ලැදිමිර් පුටින්ට රුසියාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී අභියෝග කරන බවට ප්‍රකාශ කළ එරට හිටපු රූපවාහිනි මාධ්‍යවේදිනියක වූ යෙකටෙරිනා ඩන්ට්සෝවාට එම මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව ස්වාධීන අපේක්ෂිකාවක ලෙස රුසියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇය විසින් ඉදිරිපත් කළ අයැදුම්පත දින තුනකට පසු ප්‍රතික්ෂේප වී ඇතැයි ද, එම අයැදුම්පතෙහි වැරදි 100ක් සඳහන් කරමින් රුසියානු මැතිවරණ කොමිසම මේ තීරණය ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මේ තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා වේ..

යෙකටෙරිනා 40 හැවිරිදි වියේ පසුවන්නියකි.

ඇය ආරම්භයේ සිටම යුක්රේන යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ අතර, මීළඟ ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත් කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...