*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අස්වැසුමෙන් ජනතාවට පණිවුඩයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 ජනවාරි මාසයේ දී අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,

“දැනට අපි මේකේ පළමුවෙනි අදියර ක්‍රියාත්මක කළා. දැන් අපි දකිනවා ඒ අවස්ථාවේ දී අපි මුහුණ දුන්න ප්‍රායෝගික ගැටලු. සුදුස්සන් සොයාගැනීමේ දී, අත්දැකීම් තියෙන රාජ්‍ය නිලධාරීන් කොහොමද මේකට හවුල් කරගන්නේ, අපේ නිර්ණායක තුළ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න. මේවා ඔක්කෝම එක්ක ජනාධිපතිවරයා නියෝග කරලා තියෙනවා ජනවාරිවල නැවත ඉල්ලුම්පත්‍ර කැඳවන්න. මොකද පිරිසක් ඉන්නවා මේ අවස්ථාවේ අයදුම්පත්‍ර දාන්න බැරි වුණ. ඒ නිසා අයදුම්පත්‍ර කැඳවීම නැවත කරනවා. මුලිකව ලක්ෂ 20ක පවුල් ප්‍රමාණයක් තමා මේකට තෝර ගත්තේ. හැබැයි අවශ්‍ය විටක පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරලා අපිට සීමාව වැඩිකරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ ලක්ෂ 20, ලක්ෂ 24 දක්වා වැඩිකරන්න.”

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan