සුපර් ලීග් සූරයෝ යුද හමුදාවෙන් – සූරියෝ ගුවන් හමුදාවෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මෙවර ජාතික ක්‍රීඩාවේ සුපිරිම කණ්ඩායම් එකානෙක හමුවන මංචි සුපර් ලීග් වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ ජය ශ්‍රී ලංකා යුද හමුදාවටත්,කාන්තා අංශයේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් හිමි විය.ශ්‍රී ලංකා යුද හමුදාව සහ විදුලි බල මණ්ඩල පිල අතර පැවති අවසාන තරගයේදී විදුලි බල මණ්ඩල කණ්ඩායමට එරෙහිව වට 3- 1 ජයක් ලබන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් විය.කාන්තා අංශයේ දී වඩාත් පහසුවෙන් සූරතාවය කරා ළගා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගේ මෙන්ම නව යොවුන් ක්‍රීඩිකාවන්ගේ ද දක්ෂතා කැටි කොට ගනිමින් යුද හමුදාවට එරෙහිව වට 3-0 ක ජයක් ලබා ගන්නට සමත් විය.

යුද හමුදා පිරිමි කණ්ඩායම සහ විදුලි බල මණ්ඩල අතර තරගයේදී දී විදුලි බල කණ්ඩායම තරගයේ තෙවන වටයේදී පෙරට එමින් ලකුණු 25 – 18 ක් ලෙස එම වටය පමණක් ජය ගැනීමට සමත් විය.තරගයේ ප්‍රථම,දෙවන සහ සිව්වන වට පීලිවෙලීන් 25 – 22,25 – 23 සහ 25 – 19 ක් ලෙස ජය ගන්නට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.කාන්තා තරගයේදී පිට පිටම 25-21,25-18 සහ 25-17 ජයග්‍රහණය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ යුද හමුදා ක්‍රීඩිකාවන්ට එක් වටයක් හෝ ජය ගන්නට අවස්ථාව ලබා නොදුන්හ.

පිරිමි තරගයේදී අති සූර ක්‍රීඩකයා වෙමින් දක්ෂ ප්‍රහාරයක නියාැලි සුජිත් කැළුම්රත්න කැපී පෙණින.කාන්තා තරගයේදී වඩාත්ම අවධානයට ලක් වූයේ ගුවන් හමුදා පන්දු ඔසවන්නිය ය.පන්දු සැකසීමේදී මෙන්ම දැල අසල සිට අවස්ථානෝචිතව පන්දුව ප්‍රති පිළට යොමු කිරීමේදී ද දැක් වූ දක්ෂතාවය සහ සූක්ෂම බව සළකා තරගයේ අති සූර ක්‍රීඩිකාව ලෙස නම් කළේ ගුවන් හමුදා පන්දු සකසන්නිය වූ ජේ.ඩබ්ලිව් පී තුෂාරි ය.

ජය සංඛේත ප්‍රදානයට හිටපු සභාපතිවරයා මෙන්ම වත්මන් සභාපතිවරයා ද එක්ව සිටි අතර මේ අවසාන මහා තරග ඇසුරේ විශේෂ අවධානයක් යොමු කරමින් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙන් වොලිබෝල් සහ බීච් වොලිබෝල් පුහුණු උපදේශකත්වය එකවර දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් වත්මන් ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු චාල්ස් තිලකරත්න ඇගයීමද සිඳු විය.

සුපර් ලීග් සූරයෝ යුද හමුදාවෙන් – සූරියෝ ගුවන් හමුදාවෙන්

මෙවර ජාතික ක්‍රීඩාවේ සුපිරිම කණ්ඩායම් එකානෙක හමුවන මංචි සුපර් ලීග් වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ ජය ශ්‍රී ලංකා යුද හමුදාවටත්,කාන්තා අංශයේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් හිමි විය.ශ්‍රී ලංකා යුද හමුදාව සහ විදුලි බල මණ්ඩල පිල අතර පැවති අවසාන තරගයේදී විදුලි බල මණ්ඩල කණ්ඩායමට එරෙහිව වට 3- 1 ජයක් ලබන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් විය.කාන්තා අංශයේ දී වඩාත් පහසුවෙන් සූරතාවය කරා ළගා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගේ මෙන්ම නව යොවුන් ක්‍රීඩිකාවන්ගේ ද දක්ෂතා කැටි කොට ගනිමින් යුද හමුදාවට එරෙහිව වට 3-0 ක ජයක් ලබා ගන්නට සමත් විය.

යුද හමුදා පිරිමි කණ්ඩායම සහ විදුලි බල මණ්ඩල අතර තරගයේදී දී විදුලි බල කණ්ඩායම තරගයේ තෙවන වටයේදී පෙරට එමින් ලකුණු 25 – 18 ක් ලෙස එම වටය පමණක් ජය ගැනීමට සමත් විය.තරගයේ ප්‍රථම,දෙවන සහ සිව්වන වට පීලිවෙලීන් 25 – 22,25 – 23 සහ 25 – 19 ක් ලෙස ජය ගන්නට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.කාන්තා තරගයේදී පිට පිටම 25-21,25-18 සහ 25-17 ජයග්‍රහණය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ යුද හමුදා ක්‍රීඩිකාවන්ට එක් වටයක් හෝ ජය ගන්නට අවස්ථාව ලබා නොදුන්හ.

පිරිමි තරගයේදී අති සූර ක්‍රීඩකයා වෙමින් දක්ෂ ප්‍රහාරයක නියාැලි සුජිත් කැළුම්රත්න කැපී පෙණින.කාන්තා තරගයේදී වඩාත්ම අවධානයට ලක් වූයේ ගුවන් හමුදා පන්දු ඔසවන්නිය ය.පන්දු සැකසීමේදී මෙන්ම දැල අසල සිට අවස්ථානෝචිතව පන්දුව ප්‍රති පිළට යොමු කිරීමේදී ද දැක් වූ දක්ෂතාවය සහ සූක්ෂම බව සළකා තරගයේ අති සූර ක්‍රීඩිකාව ලෙස නම් කළේ ගුවන් හමුදා පන්දු සකසන්නිය වූ ජේ.ඩබ්ලිව් පී තුෂාරි ය.

ජය සංඛේත ප්‍රදානයට හිටපු සභාපතිවරයා මෙන්ම වත්මන් සභාපතිවරයා ද එක්ව සිටි අතර මේ අවසාන මහා තරග ඇසුරේ විශේෂ අවධානයක් යොමු කරමින් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙන් වොලිබෝල් සහ බීච් වොලිබෝල් පුහුණු උපදේශකත්වය එකවර දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් වත්මන් ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු චාල්ස් තිලකරත්න ඇගයීමද සිඳු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...