“අවුට්බවුන්ඩ් ටුඩේ” අභිමානවත් සයවන වර්ෂ පූර්ණය!

Date:

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අදින් සය වසරකට පෙර දේශසීමා අතික්‍රමණය කරමින් ලොව තතු එලෙසින්ම ඔබවෙත ගේනඒමේ අරමුණින් දියත් වූ අවුට්බවුන්ස් ටුඩේ අද (දෙසැම්බර් 25) සිය අභිමානවත් හයවන වර්ෂ පූර්ණය සමරයි!

සුවඳට මලක් මෙන්, මලකට ගහක් මෙන් ගසකට මුලක් මෙන් මහා විසල් පොලවක පැතිරුණු අතු පතරින් යුත් අප විවිධ ගුරුකුල ඇත්තන්, විචරකයන්, නීතිවේදීන්, විශ්ලේෂකයන්, වාර්තාකරුවන්, මෙන්ම දුහුනන් ද එකතුව මානව අයිතීන්ට මුල්තැන දෙමින් ලිබරල් දෘෂ්ටියකින් වසර හයක් තුල තුංග වනස්පතියක්ව විරාජමාන වන්නෙමු.

දේශ සීමාවෙන්, භාෂාවෙන් , වර්ණයෙන්, ආගමෙන් එපිටට ලෝකයේ දේශපාලන බල අරගල, ආර්ථික වෙනස්කම්, සමාජ මෙන්ම ආගමික ගතිකයන්, ඉන් ඔබ්බේ සංස්කෘතික කරුණු, මෙකී නොකී සියල්ල සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට අපි උත්සහ දැරුවෙමු.

ගෙවුණු සය වසර තුල අප විශ්වාස කර සම සිතින් දැනුම් පිපාසිතව අප හා පැමිණි ඔබට අවුට්බවුන්ඩ්ටුඩේ ගෞරවනීය වූ ප්‍රණාමය පුද කරමු.

අද මෙන්ම හෙටත් සීමා මායිම් අපව වෙන් කළ ද බලාපොරොත්තු අපව එක්කරන බව විශ්වාස කරමු. ඉදින්, ලෝකය තනි යායක් වන තැන එන්න අපත් සමග රොද බඳින්න.

සංස්කාරක සටහන: අපගේ සහෝදර වෙබ් අඩවියක්වන අවුට්බවුන්ඩ් ටුඩේ හි සයවන වර්ෂ පූර්ණය වෙනුවෙන් LNW අපි ද සුභාෂිංශන එක්කරමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...