සමයං ජවනිකා සහ ටියුෂන් බිස්නස් ප්‍රමෝෂන් …

Date:

බුද්ධිමත් දෙමාපියන් විසින් ළමයෙකු අධ්‍යාපනය කරා යොමුකරන කොට අදාල ගුරුවරයා විෂයට පිටින් ළමයව අරන් යන්නේ කොහෙද කියන එකත් හොයලා බලන්ට ඕන..

විශේෂයෙන්ම ආගම්වාදී ඉගැන්වීම්වල සඳහන්ව ඇති පරිදි මිනිසා යනු පවුකාර බිඳුනු ජිවියෙක් ලෙස හැම වෙලේම දෙසාබාන ගුරුවරු ළඟට ළමයි යැව්වම මොන විද්‍යාව දැන ගත්තත් මේවගේ ආත්ම විශ්වාසයක් නැති චින්තනමය වශයෙන් අතරමං වුණ ළමයි හැදෙන්ට පුළුවන් ..

විශේෂයෙන්ම තමන් දෙමාපියන්ට, ආච්චිට සීයට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ඔක්කොටම ණයයි වගේ හැඟීමක් ළමයට ඇතිවෙලා ඒ නිසා ඔක්කොටම ගාව මෙහෙම හඬාවැටෙන බින්න පෞරුෂයක් ඇති ළමයි නිර්මාණය වෙන්ටත් පුළුවන් ..

ඒක සීමාව ඉක්මවා ගිහින් මෙහෙම ලෝකය ඉස්සරහා හාස්‍යයට ලක්වෙන දරුවෝ හැදෙන්ටත් පුළුවන් ..

අපි අද ජීවත්වෙන්නේ දිසාපාමොක් ගුරු සිසු සඹඳතා පවතින වැඩවසම් ලෝකයක නෙමේ.. අද තියෙන්නෙ සියල්ල වානිජකරනයවූ වෙළඳපොල ලෝකයක්.. වෙන එකක් තබා මේවගේ සමයං ජවනිකා පවා වීඩියෝ කරලා ඒවා පවා ටියුෂන් කලුකඩ කාරයෝ තමන්ගේ බිස්නස් ප්‍රමෝෂන් වලට යොදාගන්නවා..

අන්තිමේදී මේකෙන් වෙන්නෙ ළමයි ශික්ෂණය වෙන එක නෙමේ, කොන්ද බිඳුන පරම්පරාවක් හැදිලා එක එක ජාවාරම් කාරයන්ට පාවිච්චි වෙන එක.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...