රුවන්වැල්ලෙනුත් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් !

Date:

රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඊයේ (24) පැවති එම සමූපකාර සමිතියේ නිලවරණයේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 9 දෙනාම පත්ව ඇත්තේ සජබ කණ්ඩායමෙනි. අනෙකුත් පක්ෂ නියෝජනය කළ කණ්ඩායම්වලට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් දිනා ගැනීමට අවස්ථාව හිමිව නැත.

රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතිය 1994 වසරේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම් විසින් බලය දැරූ සමූපකාර සමිතියක් වන අතර එය මේ වසරේදී සමගි ජන බලවේගය විසින් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...