සුනාමි ඛේදවාචකයට වසර 20 යි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ව්‍යසනය සිදුවී අදට (දෙසැම්බර් 26) වසර 20ක් සපිරේ.

එම ව්‍යසනයෙන් මියගිය අය සිහිකිරීම උදෙසා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවට දැනුම් දී තිබේ.

2004 දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා මියගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50,000ක් පමණ වෙතැයි සැලකේ.

තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව මෙරට පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...