සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 26 ,(LNW)කොළඹ :
ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රතිපත්තියක් ලෙස පවතින සංක්‍රාන්තික ලිංගිකත්වය සම්බන්ධයෙන් වන නම්‍යශීලී ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන බවට සෙබස්තියන් කෝ ප්‍රකාශ කරනවා.වත්මන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා මෙන්ම වත්මන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයා ද වන හිටපු මීටර් 800 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු ද වන සෙබස්තියන් කෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට ඉදරිපත් වීමේ දි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති අතර ප්‍රධාන කාරණය එය වී තිබෙනවා.
ඔහු පවසන්නේ ඇල්ජීරියාවේ ඉමානේ කාලීෆ් සහ තායිවානයේ ලින් යූ ටින්ග් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාට පැරිස් ඔලිම්පික් උළෙලේ හිමි වූ රන් පදක්කම් තමා යටතේනම් හිමි විය නොහැකි බවයි.එසේ පවසමින් ඔවුන්ට පදක්කම් හිමිවිය යුතු බවට තීරණය කළ කමිටුවේ සිටි මෙවර ඔලිම්පික් සභාපති පදවියට තරග කරන සිය ප්‍රතිවාදීන් වන කර්ස්ටි කොවෙන්ට්‍රි සහ ජුවාන් අන්තෝනියෝ සමාරාන්චි (කණිෂ්ඨ) එම පදක්කම් හිමිවිම සම්බන්ධයෙන් චෝදනාකරුවන් ලෙස හඳුන්වා දෙන්නද උත්සාහ කරන බවක් පෙනී යනවා.
ඔහු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ජීව විද්‍යාත්මකව ගැහැණියක ලෙස උපදින අයට සාධාරණය අත් කර දෙන බව වුව ද,ජීව විද්‍යාත්මකව තමන්ගේ අභ්‍යන්තරික අවශ්යයතාවය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්යයතාවය නිර්මාණය වී ඇත්තේ ද,ජීව විද්‍යාත්මක සාධක මත වීම කෝගේ ප්‍රකාශය විද්යාත්මකවනම් පසුගාමී එකක් වෙනවා.තරගකාරී පසුබිම් තුළ ජනප්‍රිය කළ හැකි පසුගාමී චින්තනයන් ඒ ඔස්සේ ජයග්‍රහණය කරවීමට කෝ දරණ උත්සාහය දියුණු මට්ටමෙන් පිළිගත හැකි එකක් නොවන බව කිව යුතුයි.විශේෂයෙන් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද හවුල් කර ගනිමින් ක්‍රියාත්මක කරණ මානවවාදී වැඩ පිළිවෙල යටතේ ක්‍රීඩාවෙන් දක්ෂ පුද්ගලයෙකුට ඕනෑම මට්ටමකදී සිය දක්ෂතාවය ඉදිරිපත් කිරීමේ හැකියාව වෙනුවෙන් පවත්වාගෙන ක්‍රියාවලීයේ දී ද සංක්රාන්තිකභාවය යනු වරදක් ලෙස සළකන බවක් පෙනෙන්නට නැහැ.
සංක්රාන්තිකභාවය අයිතියක් ලෙස ලෝකය පිළිගන්නා තත්ත්වයක කාන්තා සිරුරක ඇති හෝමෝන තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී එහි ඇති පිරිමි හෝමෝන පාලනය වෙනුවෙන් අඛණ්ඩව වසර දෙකක ප්‍රතිකාර කර තිබීම අවශ්‍යය බව පෙන්වා දෙමින් කැස්ටර් සෙමෙන්යා වැනි ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් තමන්ගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ක්‍රියා කළ හැටි ද කෝ මෙහිදී උදාහරණ හැටියට පෙන්වා දී තිබෙනවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් හෝමෝන ප්‍රතිකාර මෙන්ම තරග කරන මොහොතේ එය තිබිය යුතු තත්ත්වයද සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව එකඟ වූ සාධක තිබෙන අතර කෝ උදාහරණ ලෙස ගනු ලබන ඉමානේ කාලීෆ් සහ ලින් යූ ටින් ජයග්‍රහණය කළේ ද එම සාධකවලට අනුවයි.
ඒ නිසා කෝ විද්‍යාව සහ මානව අයිතිය පෙරට ගමන් කරමින් තිබීම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් අතු ගා දැමීමට කරන පසුගාමී සහ නොදියුණු උත්සාහයක් හැටියට ඉදිරියේදී ක්‍රීඩා සංගම්වල විරෝධයට පමණක් නොවේ ලෝකයේ මානවහිමිකම් සංවිධානවල උදහසට ද කෝ සිය ඔලිම්පික් සභාපති උත්සාහය වෙනුවෙන් ඡන්ද ලබා ගැනීමට තෝරා ගෙන ඇති මාර්ගයේ දී ලක්වීමට ඇති ඉඩ විශාලයි.එය ජාත්‍යන්තර ඔලිම්පික් නිලවරණයේ දී ඒ ඒ ක්‍රීඩා සංගම් නියෝජනය කරන නියෝජිතයන් අයත් දියුණු රටවල ජනතාවද ඔවුන්ට කෝ ට උපකාර නොකරන ලෙස පැවසීමට කෝ ගේ මෙම තීරණය බලපාන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා කෝ දියුණු රටවල සහ මතවාදීව දියුණු ක්‍රීඩාවල සංයුතිය අමතක කර බලය වෙනුවෙන් පසුගාමී සහ අන්තගාමී රටවල නියෝජිතයින් ඉලක්ක කරගෙන කෙසේ හෝ බලය ලබා ගැනීමට ගන්නා අවස්ථාවාදී සහ ආත්මාර්ථකාරී උත්සාහයක් ලෙස මේ ආකාරයට නිලවරණයට පිවිසීම හැඳින්විය හැකියි.