මෙරට සිටි විකිරණ තාක්ෂණවේදීන්ට මොකද වුණේ?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ (LNW):

මේ වනවිට විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා රෝහල්වල මෙය දක්නට ලැබෙන උග්‍ර ප්‍රශ්නයක් වී ඇති බව පැවසේ.

40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක් පවතින බව,ත්, උසස් ඩිප්ලෝමාධාරීන් 41 දෙනෙකු මේ වනවිටත් රැකියා අපේක්ෂිතව සිටින බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළ අතර, මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි.

දැනට සේවය කරනු ලබන්නේ විකිරණ තාක්ෂණවේදීන් 620 ක පිරිසක් වන අතර, 2024 වසරේ විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් විදේශගතවී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...