ආනයනික සහල් රේගුවෙන් නිෂ්කාශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකි බවයි රේගුව සඳහන් කරන්නේ.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර තවදුරටත් වෙළෙඳපොළ නිරීක්ෂණය කරමින් එම ආනයන සීමාව ජනවාරි 10 තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

ඒ අනුව ‍මෙරටට ආනයනය කරන ලද සහල් යළිත් අද දිනයේ සිට නිශ්කාශනය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

මේ අතර සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...