නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩ භාර ගනී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ (LNW):

ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා , නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස අද (26) පෙරවරුවේ මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේදී නිල වශයෙන් සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන කර ඇත.

ඒ මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (ප්‍රවාහන අංශයේ) අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ලෙස සේවය කළ මීට ඉහත දී ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයේ රාජකාරි කටයුතු කළ අයෙකි.

අද (26)දින උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කළ නව දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා පැමිණ සිටි පිරිස අමතමින්, නව රජයේ ප්‍රථිපත්ති අනුව යමින් දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට ප්‍රශස්ත සේවයක් සපයන ආයතන අතර ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේම කැපවීම සහ සහාය බලාපොරොත්තුවන බවත් අවධාරණය ර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (ප්‍රවාහන අංශයේ) අතිරේක සාමාන්‍යාධිකාරි එල්. එච්. තිලකරත්න මහතා ප්‍රමුඛ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට, සහභාගී වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...