සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි පිරිස අමතමින් නත්තල වෙනුවෙන් සිය පළමු දේශනය සිදු කරමින්,ලියෝ පාප් වහන්සේ යුක්‍රේනය සහ රුසියාවෙන් ඉල්ලා සිටියේ, යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීමට ධෛර්යය සොයා ගන්නා ලෙසයි.

නත්තල් දිනයේදී පාප් වහන්සේ විසින් වතිකානු නගරයේ රැස්ව සිටින බැතිමතුන්ට සම්ප්‍රදායිකව පවත්වනු ලබන මෙම දේශනය අතරතුර උන්වහන්සේ ඉල්ලා සිටියේ ලොව පුරා ගැටුම් අවසන් කරන ලෙසයි.

“ආයුධ ඝෝෂාව නතර වේවා, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය සහ කැපවීම ඇතිව සම්බන්ධ වූ පාර්ශ්වයන්ට අවංක, සෘජු සහ ගෞරවනීය සංවාදයක යෙදීමට ධෛර්යය ලැබේවා” යනුවෙන් පාප් වහන්සේ එහිදී ප්‍රාර්ථනා කළේය.

ලියෝ පාප් වහන්සේ මේ බව සඳහන් කළේ, යුක්‍රේන – රුසියා සටන අවසන් කිරීම සඳහා අමෙරිකාව මුල්කර ගත් ගිවිසුමක් සඳහා සාකච්ඡා පවතින අතරතුරයි. දෙපාර්ශවයටම පිළිගත හැකි ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අමෙරිකාව උත්සාහ දරමින් සිටින නමුත් රුසියාව සහ යුක්‍රේනය අතර සෘජු සාකච්ඡා මෙතෙක් සිදුව නොමැත.

තවද, සටන් විරාමයක් තිබියදීත් දේශසීමා ගැටුම් ඇති වූ තායිලන්තය සහ කාම්බෝජය ඇතුළු ලෝකයේ සෙසු රටවල ගැටුම් හා නොසන්සුන්තා සම්බන්ධයෙන් ද ලියෝ පාප් වහන්සේ සිය දේශනයේදී කණගාටුව පළ කර තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...