පමා නොවී එහි යන්න..

Date:

යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගැන ඩේලි මේල් පුවත් සේවය පළකළ දීර්ඝ ලිපියක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.

එහි දැක්වෙන්නේ මේ මොහොතේ අඩු මුදලකට සංචාරය කිරීමට සුදුසුම රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වාදිය හැකි බවය.

එසේම මෙරට සංචාරක ආකර්ෂණය දිනූ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ යාල පිළිබඳවද එම ලිපිය හරහා සංචාරකයින් වෙත සුවිශේෂී හැඳින්වීමක් සිදුකර ඇත.

මේ අතර අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ විවිධ අර්බුද මාධ්‍යයේ කඩා වැටී තිබූ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී පිබිදීමක් මේ වනවිට පෙන්නුම් කරන බවය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමේදී කොවිඩ් මර්දන රෙගුලාසි සංචාරකයින් වෙත බලපෑමක් තවදුරටත් එල්ලනොවීමද තවත් විශේෂත්වයක් ලෙස එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එසේම ආහාර, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුදල් පිළිබඳවද එම ලිපිය මගින් මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන සංචාරයක් වෙත හැඳින්වීමක් සිදුකර තිබේ.

එසේම එම සුවිශේෂී දීර්ඝ ලිපිය අවසන් කර ඇත්තේ මේ ආකාරයෙනි. “මගේ උපදෙස තවත් ප්‍රමාද නොවී ඉක්මණින් එහි යන ලෙසටය.” (My advice is to get there sooner rather than later.)

21,975,364කට අධික ග්‍රාහක පිරිසක් සිටින ලෝකයේ වඩාත් ජනප්‍රිය ඩේලි මේල් වැනි පුවත් සේවයක් හරහා ලැබුණු මෙම පණිවුඩය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවසට සුවිශේෂී ආලෝකයක් වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීම පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බව ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමය පවසයි.

එහි හිටපු සභාපති සනත් උක්වත්ත මහතා පවසන්නේ ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තරය තුළ පවතින අයහපත් ප්‍රතිරූපය මෙරට සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය මෙන්ම පසුගිය දිනවල ඇතිවූ අරගල ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ හටගත් අර්බුදකාරි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව පිලිබඳව ජාත්‍යන්තරය තුළ අයහපත් ප්‍රතිරූපයක් ගොඩනැගී ඇති බව ඔහු පෙන්වාදෙයි.

සනත් උක්වත්ත මහතා සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර මෙරටට පැමිණි වැඩි පිරිසක් රුසියානු ජාතික සංචාරකයින් වන බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම සදහා යුරෝපා රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා පෙන්වාදෙයි.

ඒ සඳහා යුරෝපා රටවල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු පුළුල් කළ යුතු අතර ඊට රජයේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවක් පවතින බවද සනත් උක්වත්ත මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීම ක්‍රම ක්‍රමයෙන් සිදුකළ යුතු වූව ද ඒ සදහා සංචාරක ක්ෂේත්‍ර ය නියැලෙන්නන් සඳහා ලබා දියයුතු සහන සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවිය යුතු බව ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති සනත් උක්වත්ත මහතා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...