සුනාමියට වසර 19 යි. විනාඩි දෙකකට රටම නිහඬ වෙයි !

Date:

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.

එම ව්‍යසනයෙන් මියගිය අය සිහිකිරීම උදෙසා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවට දැනුම් දී තිබේ.

2004 දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා මියගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50,000ක් පමණ වෙතැයි සැලකේ.

තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...