ඔලිවියාගේ සැබෑ වූ සිහිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොළයේ ගෙඩියක් හේතුවෙන් සිය ජීවිතයේ වැඩි කාලයක් රසායනික චිකිත්සා ප්‍රතිකාර සඳහා ගත කළ හත් හැවිරිදි ඔලිවියා ටේලර් දැරිවිය බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේ දී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ කුඩා දැරියට රැජින සමඟ තේ පානය සඳහා වින්ඩ්සර් මාලිගයට ආරාධනා කර ඇත.

මොළයේ ගෙඩියක් ඇති මෙ දැරිය එමඟින් අන්ධභාවයට පත් කර තිබෙන බවද වාර්තා වේ.

ඇයට මෙම ආරාධනාව සිදු කර තිබුණේ, කලින් පටිගත කරන ලද කිංග්ස් නත්තල් කැරොල් වැඩසටහනකට බකිංහැම් මාලිගයේ ගායනා කණ්ඩායමක් සමඟ ඔලිවියා ගී ගායනා කළ බව කැමිලා රැජින දැනගත් පසු බව සඳහන් වේ.

කුඩා දැරියට බිස්කට් එකක් සමඟ මේසයක අසුනක් තිබුණු අතර ඔලිවියා, රැජින විසින් වත් කරන ලද ඇගේ තේ කෝප්පයේ පළමු උගුර බීමෙන් පසු “මම තේ වලට ආදරෙයි” යැයි කීවාය. එයට රැජින පිළිතුරු දෙමින් “ඔහ්, ඔබ තේ වලට ආදරෙයි. ඔන්න ඔබට දැන් ඉඳන් තේ බොන්න පුළුවන් .” යනුවෙනි.

රැජින වෙනුවෙන් කුඩා ඔලිවියා මෙහිදී නත්තල් ගීතයක් ද ගායනා කළාය. මෙම හමුවේ දී ඔලිවියා පැවසුවේ “රැජින හමුවීමට තමා ආශා කළ” බවයි.

ඔලිවියා සමඟ සිව් හැවිරිදි ඇගේ බාල සොහොයුරිය මෙන්ම ඇයගේ පියා සහ මව ද මේ සදහා පැමිණ සිටි අතර රැජිනගෙන් තෑගි රාශියක් ද හිමි වී ඇති බවද වාර්තා වේ.

ඔලිවියාගේ මව වන ලීසා, රැජින හමුවට පැමිණීමට පෙර ඔලිවියාට මාලිගාවේ ඇතැම් දේ පිළිබඳ විස්තර කර තිබුණු බවත්, මේ දරුවන්ට මාලිගාවේ කොටස් ගවේෂණය කිරීමට අද්විතීය අවස්ථාවක් ද රැජින ලබා දුන්නේය. එහි දී නත්තල් ගසක්, පහන් කූඩුවක වීදුරු කොටස්, රාජාභිෂේක භාණ්ඩවල අනුරූ ස්පර්ශ කිරීමට ද කුඩා ඔලිවියාට අවස්ථාව ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...