මානව හිමිකම් කොමිසමෙන් අපරාධ ගැන අලුත් වාර්තාවක්!

Date:

කොළඹ LNW:මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වූ වධ හිංසා පැමිණවීම්, භාරකාරීත්වයේ ගැටලු මෙන් ම පුද්ගල මරණ සම්බන්ධයෙන් මෙම වසරේ දී පැමිණිලි 200ක ට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තාවේ සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව අදාළ තොරතුරු සඳහන් කරමින් ඊට අදාළ ලිපියක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ද යොමු කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණය අනුව 2023 වසරේ අවසන් භාගය වන විට ලැබුණු එම පැමිණිලි වධහිංසා 200ක ට අධික සංඛ්‍යාවම වසරේ මුල් මාස 06 තුළ ලැබී ඇති බවයි.

එහිදී භාරකාරීත්වය යටතේ සිටියදී සිදු වූ මරණ 06ක්, රඳවා තබාගත් කාලය තුළ දී සිදු වූ මරණ 02ක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇත.

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී සිදුවන වධහිංසා පැමිණවීම් සහ සෙසු ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව දෙසැම්බර් 11 වැනි දින භාරකාරත්වය තුළ දී සිදුවන මරණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත මානව හිමිකම් කොමිෂන් සභාව මගින් කෙටුම්පත් පිළිබඳ මාර්ගෝපදේශ සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද ලබා දී තතිබුණි.

ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දුන් අදාළ මාර්ගෝපදේශ වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාගේ ප්‍රතිපෝෂණය ද ඉල්ලා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...