ආධුනික පොලිස් කාන්තාවකට පොලිසිය තුළදීම ලිංගික අතවර කළ OIC අත්අඩංගුවට

0
506

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත මාතර, ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.

මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාව පෙරේදා (24) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පෙරේදා උදෑසන ගන්දර පොලිස් ස්ථානයෙහි රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදීම ලිංගික අතවර කළ බවට මෙම ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව අත් අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පොලිස් ස්ථානාධිපතිවරයාව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here