Wednesday, October 4, 2023
spot_img

Latest Posts

බදාදා වෙනකොට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ඇමති දිළුම්

ලබන බදාදා (29) දිනය වනවිට බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“යම් බස් ගාස්තු සංශෝධනයකට අපට ලබන සතියේ යන්න වෙනවා. අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්නෙ. ඒ සංශෝධනයට යන්නෙත් ඉන්ධන මිලේ පහළ වැටීමක් හෝ ආසනගත මගී සංඛ්‍යාවේ නීතියක් දාලා තියෙනවා කොවිඩ් නිසා, තාම ඒක අපට අයින් කරන්න අවසර ලැබිලා නෑ, ඒ නීතිය හෝ අයින් කරපු දවසට නැවතත් ගාස්තු අඩු කරන කොන්දේසිය මත පමණක් අපට ඉතාමත් සුළු වැඩිවීමක් බදාදා වෙනකොට ලබලා දෙන්න සිද්ධ වෙනවා. මේවා අපි කැමැත්තෙන් කරන දේවල් නෙවෙයි”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මහනුවර, අංකුඹුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.