රැකියාවෙ පීඩනය තිබුනා කියලා මිනිස්සු මරන්න ඔට්ටු නෑ – සරත් වීරසේකර

Date:

රැකියාවේ හෝ රැකියා ස්ථානයේ කෙතරම් පීඩනයක් තිබුණද කිසිවෙකුටත් තවත් පුද්ගලයෙකු මරා දැමීමේ අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ තිරුක්කෝවිල් පොලීසියේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට මරු කැඳවමින්, T56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පොලිස් සැරයන්වරයා නිවාඩු ඉල්ලා තිබූ බවත් නිවාඩු නොලැබුණු නිසා ඔහු දැඩි පීඩාවකින් සිටි බවත් සැරයන්වරයාගේ මව ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් එවැනි තත්වයක් පිළිබඳව තමාට අනාවරණය වී නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයාද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු සුව වී පැමිණි පසු පොලිස් ස්ථානයේ ඇති වූ තත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත හැකි වනු ඇති බවත් වීරසේකර මහතා පවසනවා.

මෙම සිදුවීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඒ් සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ලෙස තමන් දැඩි කණගාටුවට පත්වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...