රනිල් අභාවප්‍රාප්ත මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (දෙසැම්බර් 27) දිනයේදී එක්වී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි අගනුවරදී එසේ මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මන්මෝහන් සිං මහතාගේ බිරිඳ වන ගුර්ශරන් කෞර් කෝලො මහත්මියට සිය ශෝකය ද පළ කර ඇත.

එමෙන්ම ඉන්දියාවේ තවත් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන, 2018 වසරේදී අභාවප්‍රාප්ත වූ අතල් බිහාරි වජ්පායි මහතාගේ අනුස්මරණ උත්සවයක් ද අදට යෙදී ඇති අතර එහි ආරාධිත ප්‍රධාන දේශනය ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...