තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දේශපාලනයෙන් සමුගනී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් අද සිට දේශපාලනයෙන් සමුගන්නා බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි.

“මම දේශපාලනයට අවේ 1989 දී, පසුව විපක්ෂ නායක වුනා, සභාපති උනා, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා, අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා, අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා, අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක් පමණයි.

අවංකව දේශපාලනය කලා, මම සතුටු වෙනවා, මම දේශපාලනයට ආවේ පාපැදියක්වත් නැතිව, යන්නෙත් එහෙමමයි. මට ජනතාව වියදම් කලේ .. සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම, එහෙත් හොරකම් කලේ නෑ.

අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබය ඇතුළේ තියෙන්නේ. සමගි ජන බලවේගය කියලා කිව්වට මේක ඇතුළේ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නේ. වැඩක් කරන්න කැමති කෙනෙකුට මෙතන වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ කාරණා නිසා මම සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වෙනවා. මම තීන්දු කළා මගේ දේශපාලනයට මින් ඉදිරියට තිත තියන්න”

ලලිත් එල්ලාවල මහතා මේ බව පැවසුවේ අද (දෙසැම්බර් 27) පානදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා ගිය චීනයේ  BYD!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : විදුලි වාහන ලොවේ...

මිලියන ගණනක මත්ද්‍රව්‍ය 2025 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : පසුගිය වසරේ සිදුකළ...

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...