ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර 10න් 04ක් අක්‍රීයයි, පිළිකා රෝගීන් අනතුරේද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර 10න් 04ක් ම මේ වනවිට බිඳ වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

මේ වනවිට අපේක්ෂා රෝහලේ ඇති එක් යන්ත්‍රයක්, මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර දෙකම සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇති එකම යන්ත්‍රය ද බිඳවැටී ඇති බව සඳහන් වේ.

එම රෝහල්වලට පැමිණෙන පිළිකා රෝගීන් මෙන්ම කාර්යමණ්ඩලය ද මෙම නිසා දැඩි අපහසුතාවට ලක්ව ඇති අතර රෝගීන්ට පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට ද ඒ අනුව සිදුව ඇති බව රිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙයි.

මෙම යන්ත්‍ර බොහෝමයක් මෑතකදී රෝහල් පද්ධතියට එකතු වූ ඒවා වන අතර මෙලෙස වරින් වර යන්ත්‍ර බිඳවැටීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව ඔවුන් අවධාරණය කර සිටී.

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ, මෙම යන්ත්‍රවල නඩත්තුවේ ගැටලුවක් තිබේ ද, මෙම යන්ත්‍ර තත්ත්වයෙන් බාල ඒවා ද යන්න පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලිය යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...