රූපවාහිනී ඩිජිටල්කරණය

Date:

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘති අද දින සවස 7 ට නිළ වශයෙන් ආරම්භ කෙරේ. ජපාන අන්තර්ජාතික සහයෝගිතා අයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව සැලසුම් කොට මෙහෙයවනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසිනි.

ලොව පුරා රූපවාහිනී විකාශන පද්ධති වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. එම ප්‍රවණතාවට අනුගත නොවුනහොත් වර්තමානයේ භාවිත තාක්ෂණය යල් පැන ගිය එකක් බවට පත්වීම වැලැක්විය නොහැකියි.
මෙම අභියෝගයන් ජයගැනීමට සඳහා නාස්තිය පිටු දැක, කාර්‍ය්ක්ෂමතාවය නැංවීම සඳහා රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබිණි . ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශනය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන් , විකාශකයන් සහ රජය යන පාර්ශව තුනටම ප්‍රතිලාභ අත්වේ.

රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම නිසා ප්‍රේක්ෂකයාට සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව උදාවේ. බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකිවීම ඩිජිටල්කරණයේ තවත් වාසියකි.

ව්‍යාපෘතියේ නිළ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද (2021/12/28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...