ඉරානයේ උග්‍ර ජල හිඟය සමග කිඹුල් පොරය

Date:

ඉරානය මේ වන විට උග්‍ර ජල හිඟියකට මුහන දෙමින් සිටී. විශේෂයෙන්ම එරට ග්‍රාමීය වශයෙන් පානීය ජල ගැටලුව දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇත.

සිය දෛනික පානීය ජල අවශ්‍යතාවය සඳහා ගම් වැසියන් දුර ගෙවාගෙන ජලය රැඳි ස්ථාන වලට යොමු වී ඇති අතර, ඊට වැඩි වශයෙන් ග්‍රාමීය කාන්තාවන් යොමු වේ.

එහි ගැඹුරුම අර්බුදය වන්නේ එවැනි ජලය රැඳී තිබෙන ස්ථානයන් හි නිරන්තර ගැවසෙන දැවැන්ත කිඹුලන්ගේ ආක්‍රමණයට ප්‍රජාව ලක් වීමයි.

එම මාරාන්තික සත්ත්වයන්ද ආහාර හිඟතාවයෙන් ගම්මාන වලට ඇදි එන අතර, නිරන්තර මෙම කිඹුල් ප්‍රහාරයන් එවැනි පෙදෙස්වලින් වාර්තා වේ.

විශේෂයෙන්ම ඉරානයේ බලුකිස්තානයේ මෙවැනි සිදුවීම් බහුලව වාර්තා වේ. gando යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සත්වයින්, the International Union for Conservation of Nature (IUCN) සංවිධානය විසින් “අවදානමට ලක්විය හැකි, අවදානම් සහගත සත්වයින් ලෙස හඳුනාගෙන ඇත.

ඉරානය තුළ ඇස්තමේන්තුගත කළ පරිදි එවැනි සත්ත්වයින් 400 ක් ඇති අතර, ඉන් විශේෂ 5% කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ජීවත් වේ.

ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුව පවසන්නේ ගණ්ඩෝ සත්ත්වයින් සංරක්ෂණය සහ ප්‍රදේශවාසීන් ආරක්ෂා කිරීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

ඉරානයේ ගණ්ඩෝ සත්ත්වයින්ගේ ප්‍රධාන වාසස්ථානය වන Bahu-Kalat නදිය අසළවත් මෙම සත්ත්වයින් පිළිබඳව අනතුරු අඟවන සංඥා පුවරු නොමැත.

ඉරානයේ ජල හිඟය බලුකිස්තානයට පමණක් ආවේණික වූවක් නොවේ. ජූලි මාසයේදී එරට තෙල්වලින් පොහොසත් නිරිතදිග කුසෙස්තාන් පළාතේ ද දැවැන්ත මහජන විරෝධතාවයක් ජල අර්බුදය නිසා උග්‍ර විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...