ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්

Date:

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්, එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ පිරිසක් ජනතාවට ‘ටිකක් කන්න’ කියන බවත් තව සමහරු ‘එක වේලක් අඩු කරලා කන්න’ කියන බවත් කී විපක්ෂ නායකයා, තව ටික දවසකින් ‘කන්න එපා’ කියා කියනු ඇතැයිද පවසනවා.

ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බව කී විපක්ෂ නායකයා වත්මන් ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් ලෙස හඳුන්වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) ජනදුක විමසන ‘මනුෂ්‍යත්වයේ චාරිකාව’ තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” නමැති අත්පත්‍රිකාවද ඔවුන් අතර බෙදා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...