ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්

Date:

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්, එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ පිරිසක් ජනතාවට ‘ටිකක් කන්න’ කියන බවත් තව සමහරු ‘එක වේලක් අඩු කරලා කන්න’ කියන බවත් කී විපක්ෂ නායකයා, තව ටික දවසකින් ‘කන්න එපා’ කියා කියනු ඇතැයිද පවසනවා.

ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බව කී විපක්ෂ නායකයා වත්මන් ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් ලෙස හඳුන්වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) ජනදුක විමසන ‘මනුෂ්‍යත්වයේ චාරිකාව’ තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” නමැති අත්පත්‍රිකාවද ඔවුන් අතර බෙදා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...