ඉදිරි දශක තුන තුළ කෘතීම බුද්ධියේ වැඩකිඩ වැඩිවෙන ලකුණු; ගෝඩ් ෆාදර් ගෙනුත් අනතුරු ඇඟවීම්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නව්‍යකරණය වෙමින් පවතින මානව සමාජයට කෘතීම බුද්ධියෙන් ලැබෙන ඉල්පීම ඔබ අප නොදත් කරුණක් නොවේ.

මෙම කෘතීම බුද්ධිය පදනම් කරගත් ඉදිරි දශක තුන තුළ මානව වර්ගයා අතුගා දැමීමේ අවදානම බලාපොරොත්තු වූවාට වඩා ශීඝ්‍රයෙන් සිදුවන බව අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය-කැනේඩියානු පරිගණක විද්‍යාඥයෙකු හෙවත් කෘත්‍රිම බුද්ධියේ “ගොඩ් ෆාදර්” ප්‍රකාශනයක් සිදු කර ඇති බවට වාර්තා වේ.

ඉදිරි දශක තුන ඇතුළත කෘතීම බුද්ධිය මඟින් මානවයා වඳ වී යාමට “10% සිට 20% දක්වා” අවස්ථාවක් පවතින බව මෙම වසරේ කෘතීම බුද්ධිය පිළිබඳ ඔහු ඉටුකළ කාර්යයභාරය වෙනුවෙන් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් මහාචාර්ය ජෙෆ්රි හින්ටන් මෙලෙස පැවසීය.

මින් පෙර හින්ටන් මහතා පවසා තිබුණේ කෘතීම බුද්ධිය මඟින් පණ ගැනුණු තාක්‍ෂණය මානව වර්ගයාට ව්‍යසනකාරී ප්‍රතිඵලයක් ඇති කිරීමට 10% ක සම්භාවිතාවක් පවතින බවයි.

කෘතීම බුද්ධිය සහ සිදුවීමට හැකි බලපෑම් අවස්ථා පිළිබඳ BBC රේඩියෝ 4 හි වැඩසටහනකදී ඔහුගෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ පිළිබඳ ඉඟියක් ලබා දීය.

“බුද්ධිමත් දෑ අඩු බුද්ධියකින් පාලනය වන බවට උදාහරණ කීයක් ඔබ දන්නවාද? ඊට උදාහරණ ඇත්තේ ඉතා ස්වල්පයකි.”

හරියට මවක් සහ දරුවෙක් අතරින් දරුවාට මව පාලනය කිරීමට ඉඩ ලබා දීමක් වැනි යමක් මෙම කෘතීම බුද්ධිය මඟින් ඉදිරියේදී සිදුවන බව ඔහු ඒ පිළිබඳ උදාහරණ සහිතව පෙන්වා දීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...