සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 28 ,(LNW)කොළඹ :
ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාව නොසළකමින් සහ එහි ආචාර ධාර්මික තත්ත්වයන් සහ තරගාවලියේ නීති රීති නොසළකමින් එහි ලීග් තරගාවලිය සිඳුවෙමින් පවතියි.වසර ගණනක් දේශපාලනඥයන්,ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්,ශ්‍රී ලංකාවේ පිළිගැනීමක් නැති,එහෙත් රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකිව යුතු කාරණා සම්බන්ධයෙන් චෝදනා හා පරීක්ෂණ නොමැති නිසා ලංකාවටත් ඉහළින් සහ දේශපාලන සෙවණේ රැකවරණ ඇති පිරිස් විදේශයන්ද හවුල් කර ගනිමින් කර ගෙන ගිය වැඩ පිළිවෙල මේ තත්ත්වයට හේතු වී ඇති බව අපේ ව්ශ්වාසයයි.
මේ නිසා වැරදි කිරීම සහා ආචාර ධාර්මිකභාවය සහ සදාචාරාත්මක කාරණා නොසළකා හැරීම යනු සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන බව මේ මොහොතේ පළමු පෙළ ලීග් තරගාවලිය ක්‍රියාත්මක වීමේදී සිඳුවන සිඳුවීම් ඇසුරෙන් දකින්නට ලැබෙනවා.මේ වන විට රගර් පරිපාලනය එහි හිමිකරුවන් වන ඡන්ද හිමි පිරිසගෙන් තෝරා භාර දෙන්නට ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට භාර දුන් අතර ඔහු එය ඉක්මණින් විසඳා භාර දීම වෙනුවට තාවකාලිකව ලැබුණු බලයෙන් රගර් හී සියල්ල වෙනස් කරන්නට එම කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසක් සමඟ උත්සාහ ගනිමින් සිටියා.නව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්ද ඊට අනුමැතියක් නොලැබුණු අතර අධිකරණයද යුක්තිය වෙනුවෙන් අවශ්‍යය තීන්දු තීරණ ලබා දීම නිසා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ සිහින කණ්ඩායමට පසුබසින්නට සිඳුව තිබෙනවා.
එහෙත් අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ මූලිකත්වය යටතේ ආරම්භ කළ ජාතික ලීග් තරගාවලිය ඔහු මේ කේෂ්ත්‍රය තුළ කාරණා සිඳුවෙමින් පවතින ප්‍රායෝගික තත්ත්වයන් ගැන ඇති දැණුම මඳ නිසා,ඔහු විසින් වගකීම් දෙමින් සමීප කරගෙන ඇති ඇතැම් කේවට්ටයන් ඔහුගේ කීර්තිය සහ තනතුර අවමානයට ලක් කෙරෙන අන්දමෙන් තමන්ගේ න්යායපත්ර පෙරට ගැනීමෙන් හානිදායි තත්ත්වයක් ඇති වී තිබෙනවා.
කෑම පිසින්නට නොදත් අයෙක් කෝකියාට අන්දවා,තමන්ට හිතූ හැටියට අඩුම කුඩුම යෙදීමෙන් ඇති වන පාචන තත්ත්වයන්වලට මෙන්ම,ඌණ පෝෂණ තත්ත්වයන්වලට ද,රස සහ ගුණ අඩුවීම්වලටද වගකීම පැවරෙන්නේ කෝකියාට ඇඳ සිටින පුදගලයාටය.අද අධ්යක්ෂ ජෙනරාල්වරයා අනුන්ගේ පිසීමේ වැරදි තමන්ගේ කර ගැනීමේ පීඩාවෙන් වින්දනය ලබන තත්ත්වයට ඇඳ වැට්ටීමට සමත්ව ඇති බව සිඳුවෙමින් තිබෙන කාරණා අනුව පැහැදිළි වෙමින් ඇත.
තරගාවලියේ ක්‍රීඩා සමාජවල ආකෘතියකට බලපාන වරදක් වූ විට එහි එක් ක්‍රීඩා කණ්ඩායමක් හෝ කණ්ඩායම් කිහිපයකට එම ප්රශ්නය තරග නීති රීතිවලට අනුව එහි තරග කමිටුව වෙත ගොස් විසඳා ගන්නවා හැරෙන්න තමන්ගේ මට්ටමෙන් සුහඳශීලීව විසඳාගන්නට නොහැකිය.යම් නීතිමය උල්ළංඝණයවීමක් සිඳුව ඇත්නම් ඒ මොහොතට නැතිනම් පසු තවත් අවස්ථාවක එවැන්නක් වුවහොත් ක්‍රියාමාර්ග ගත හැකි අන්දමට තරග සංවිධාන කමිටුවට සහ පරිපාලනයට අදාළ වන පරිදි ලේඛණගතව තිබිය යුතුය.
එවැනි සුහද එකඟවීම් තරග කමිටුව හමුවේ හෝ විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉදිරියේ සිඳුවීම වැරදි නැත.එහෙත් වැරද්ද එය එවැනි තැනකට නොගොස් විසඳෙන ආකාරයය.එහි සම්පූර්ණ වරද ක්‍රීඩා සමාජවලට පැවරෙන්නේ නැත.අන්ධයින් බිහිරන් සේ හැසිරෙන,රගර් පරිපාලනයක් නියමාකාරයෙන් ස්ථාපිත කිරීම පසෙකට දමා,තමන්ගේ හැකියාව පෙන්නීමේ උද්ධච්ඡ අදහසකින් මේ තරගාවලිය සංවිධානය කරන්නට උත්සාහ කළ සියල්ලටම උඩින්ම අදාළ වන්නේය.
වරදකදී දඩුවම් නොදීමේ සම්ප්රදායක් රගර්වලට නොමැති බව අපි දනිමු.ඒ නිසාම පැරණි වරදවල් සඳහා අදවත් දඬවම් දෙන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.එහි වගකීම් කොටසක් පැවරෙන අධ්යක්ෂ ජෙනරාල්වරයාම මෙහෙයවන රගර් හී දැනටත් සිඳුවන්නේ වැරදි නොසළකා තමන්ට අවැසි පරිදි විසඳාගන්න අවස්ථාව දීමනම් අප අපේක්ෂා කරන රගර් සාධාරණත්වය සිහිනයක්ය.මිරිඟුවක්ය.
එසේම මේ වන විට අත්හළ යුද හමුදා පොලිස් තරගයේ ජය යුද හමුදාවට පිරිනැමීම අතිශයින් විහිළුකාරීය.ඒ මොහොතේ පොළවේ තත්ත්වය නොසළකා කරන ලද එම තීරණය ගැන නැවත පරීක්ෂණයක් පැවත්විය යුතුව ඇත.එම තීරණයෙන් පොලීසියට අසාධාරණයක් වන තරමටම යුද හමුදාවද අපකීර්තියට පත්වීමේ අවධානමක් ද ඇත.
ක්‍රීඩා තරගාවලිය පුරා සිය සංචිතයේ නිරෝගිභාවය ආරක්ෂා කර ගැනීමට මෙම ලීග් තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අපේක්ෂා කරන්නේය.විශාල වෙහෙසක් වැය කළ යුතු ක්‍රීඩාවක වැසි සහිත තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති කාලයක,යුද හමුදා පිටිය ක්‍රීඩාවට අවදානම් තත්ත්වයක පැවතීමට එම කාලගුණ තත්ත්වයද බලපෑම් කරන්නට ඇති බව සිතිය හැකිය.
ඒ තත්ත්වය මත කරන ලද අනතුරු හැඟවීමකටත් වඩා යම් ප්‍රතික්ෂේප කිරීමක් සහිතව තරගයට පිවිසුණු පොලිස් ක්‍රීඩකයින්,අකුණු කොටමින් වසින මොහොතේ දෙවන අර්ධයට පිටියට නොපිවිස ඒ මොහොතේ පවතින තත්ත්වය තරග කොමසාරිස්ට පවරද්දී ඔහුගේ එකඟතා ඇති හඩ පටිද ඉදිරිපත් කළ ඇතත්,අවාසනාවන්ත ලෙස යුද හමුදාවට තරගයේ ජය පිරිනැමීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.විනිසුරුවන් සහ තරග කොමසාරිස්ගේ හඩ පටයද සළකා බලා සහ ඔවුන් අවංකව සිඳුවීම ගැන අදහස් ප්‍රකාශ කරන්නේනම් එදින තත්ත්වය රගර් කීඩා කිරීමට සුදුසු තත්ත්වයක තිබුණේ ද යන්න සහ පිටියේ අවධානම ගැන ද හරි කරුණු ඉදිරිපත් කරනු ඇත.එපමණක් අවශ්‍යය නොවන්නේ ඊට පසු දින තරගය පැවත්වීමට දෙපිළම සමඟ අදාළ තරග නිලධාරීන් එකඟ වූ නිසාය.යුද හමුදාව පසුව තරග වැදීම ප්‍රතික්ෂේප කර ඇත.
ඒ සියල්ල තරගය සම්බන්ධ අපේ විමර්ශනවලට පමණක් සීමා වූ කොටස් ලෙස සළකා නොසළකා හැරියත්,මේ තීරණය ගන්නා විනය කමිටුවේ සභාපතිවරයා විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු වන නිමල් ක්රිෂ්ණරත්නය.එහි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන එම් ආර් ලතීෆ් ද සිටියත් මේ දෙදෙනාම නොවී අන් අයට මේ පරීක්ෂණය පවරා නිහඩ වීමට ඔවුන්ට තිබිණ.
එසේ වුවානම් අසාධාරණ වුව ද,මේ තීරණයේ පෙණුමට මීට වඩා විශ්වසනීය සහ සාධාරණ පෙණුමක් ලබා දෙන්නට තිබුණු බව පැහැදිළිය.මෙහි අදහස මේජර් ජෙනරාල්වරයා ඉලක්ක කර චෝදනා කිරීම නොවේය.ආචාර ධාර්මික සහ සදාචාරවත් නොවන හැසිරීමේදී දක්වන නොසැළකිල්ලය.ඒ ගැන නොතකා සිටීම සහ එය ඉහළට වාර්තා වූ විට අඩුම තරමේ මෙහෙම තියෙද්දි සැකයක් හිතයිද ක්‍රියාවත් අසන්නට යථාවබෝධයක් නොතිබීමය.
මේ වාතාවරණය මත ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය සම්බන්ධයෙන් පත්වන අලුත් නිලධාරි මණ්ඩලයට සෘජු තීරණ ගනිමින්,විනයවත් සහ ගෞරව පූර්වක තැනක් බවට මේ වන විට අයාලේ යන තත්ත්වයට පත්ව තිබෙන රගර් පත් කිරීම අනිවාර්ය කාර්යයක් වනු නිසැකය.එහිදී මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින රගර් තරගාවලිය සම්බන්ධයෙන් වුව ගෙන ඇති සැක කටයුතු සහ ආන්දෝලානාත්මක තීරණ යළි සැළකිල්ලට ගැනීම වටින්නේය.ඒ මොහොතට අදාළාව පැමිණ දඩුවම් කිරීම්,ඉවත් කිරීම් තහනම් කිරීම් දක්වා නොගියද,අවවාද කරමින් ඊළඟ මොහොතේ වරදකදී ලැබිය හැකි දඩුවම ගැන අවවාදාත්මක ලිපියක් හෝ නිකුත් කර එය වසර දෙකකට හෝ තුනක් දක්වා වලංගු තීරණයක් කිරිම වටින්නේය.මේවා ක්‍රීඩා සමාජයකට වේවා,එසේත් නැතිනම් රගර් ක්‍රීඩාවට මොනයම් ආකාරයකින් හෝ වෘත්තීය මට්ටමෙන් සම්බන්ධ ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියෙකුට වේවා පොදුව අදාළ කර ගත යුතුය.