පෝලිම් යුගයක් තිබ්බ රටක් අරන් අපි අවුරුද්දෙන් කෝටි 50,000ක් ඉතුරු කරලා ආපදාවේදී ජනතාවට බෙදුවා – ඇමති TB

Date:

පසුගිය වසර 50ක ඉතිහාසය තුළ නොවූ විරූ සංවර්ධනයක් මේ වසර 5 තුළ රටේ සිදුකරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ ආණ්ඩුව බලයට ආවා කියලා තේරෙන්නෙ නැහැ නේද තාම ? අපේ හාමුදුරුවනේ, අලුත් ආණ්ඩුවක් බලයට ආවා කියලා තේරෙන්නෙ නැහැ තවම. අලුත් ආණ්ඩුවක් ආවාම හරියට නම් ඉතින් ඩිපෝ අධිකාරීතුමා තාර පාරක් එහෙම නාගෙන ගෙදර යන්න ඕනෙ. නමුත් කිසිදු බලපෑමක් අපි කරලා නෑ.

මේ ආණ්ඩුව ඇවිල්ලා තවම කෙටි කාලයයි. මේ අවුරුදු 5 සම්පූර්ණ වෙනකොට අවුරුදු 50ක ඉතිහාසයේ සිද්ධ වෙච්ච නැති සංවර්ධනයක් මේ අවුරුදු 5 ඇතුළත අරන් දෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. දැන් අර කවුදෝ කියලා තියෙනවානෙ පෝය දෙකෙන් ඉවරයි කියලා. පෝය දෙකෙන් පස්සෙ එයාට සිල්ගන්න යන්න පුළුවන්, ආණ්ඩුව නම් ඉවර වෙන්නෙ නෑ.

සල්ලි නැතිව පෝලිම් යුගයක් හදලා තිබ්බ රටේ අවුරුද්දක් ඇතුළත කෝටි 50,000ක් ඉතුරු කරලා මිනිස්සුන්ට ස්වභාවික විපතකදී බෙදන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවා නම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි කියලා මම කියනවා. තවත් රුපියල් කෝටි 50,000කට වඩා තියෙනවා භාණ්ඩාගාරයේ වෙනම”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව කදුරුවෙල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් අංගනය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...