අපි මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න – නි. ඇමති සුන්දරලිංගම්

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කල, මාධ්‍ය ආයතන වලට ගිනි තියපු අය දැන් ඇවිත් මාධ්‍ය නිදහස ගැන කතා කරන අතර එවැන්නන්ට ඊට අයිතියක් නැතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෑම කෙනෙකුටම හෘද සාක්ෂියක් ඇති හෙයින් ජනතාව වෙත ඇත්ත වාර්තා කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

”පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කලේ කවුද? මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බේ කවුද? ඒ අය දැන් ඇවිත් මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරනවා. ඒකට කිසි අයිතියක් නැහැ. මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීලා තියෙනවා. මාධ්‍ය එක්ක ඉතා සුහදව අපි වැඩ කරනවා. අපි කවදාවත් මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. අපිට පක්ෂපාතීව ලියන්න කියල, නිවුස් දාන්න කියල නෑ. දෙයක් ඉල්ලනවා මාධ්‍ය ආයතනවලින් ඇත්ත ලියන්න. ඇත්ත වර්තා කරන්න. හැමෝටම හෘද සාක්ෂියක් තියෙනවා. ඒ අනුව තමයි අපි ලියන්න ඕනේ. මිනිස්සුන්ට බොරුව ගෙනියන්න එපා.

”මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාව මෙඅ ආණ්ඩුව ආරක්ෂා කරනවා. මේ ආණ්ඩුව වට්ටන්න කාටවත් බෑ. දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව සියලු දෙන මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. අපි කවදාවත් බයවෙන්නේ නෑ. ” යනුවෙන් සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...