ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ ටෝකියෝවේ සිට කිලෝමීටර් 160 ක් වයඹ දෙසින් පිහිටි ගුන්මා ප්‍රාන්තයේ මිනකාමි හි කන්-එට්සු අධිවේගී මාර්ගයේ වාහන 50ක් පමණ එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තවාල ලබා ඇති බව වාර්තා වේ.

ට්‍රක් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර වාහන 20ක් පමණ ගිනිගෙන විනාශයට පත්ව ඇත. ගින්න නිවා දැමීමට පැය හතර හමාරක් පමණ ගතව ඇති අතර සිද්ධියෙන් පසු, අධිවේගී මාර්ගයේ කොටසක් වසා දමා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දැඩි හිම පතනයක් වාර්තාව තිබු අතර අයිස් සහිත මතුපිට නිසා ට්‍රක් රථ මාර්ගවල ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...