*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් ලේකම්ට ජූඩෝ ප්‍රහාරයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මේ වන විට ක්‍රීඩා නිලවරණ පිටියේ උණුසුම සමඟම වෙනස්වීම් එකතුවීම් වෙනස්වෙමින් පවතියි.ජූඩෝ කේෂ්ත්‍රයේ ද මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුව යටතේ විදෙස් පුහණුව ලද චාමර නුවන් ධර්මවර්ධන ක්‍රිඩකයා වෙනුවට රාජිත පුෂ්පකුමාර නම් ක්‍රීඩකයෙක් කෝරා ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයාට ද පෙත්සමක් ඉදිරිපත් වී ඇත.ඒ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගෙන මීට ඉහත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් පුහුණුව ලද චාමරව නැවත තෝරා නොගෙන රාජිතව තෝරා ගැනීම හේතු කරගෙනය.චාමර ජාතික ඔලිම්පික් කමිටුව හරහා ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ද පත් වූ ක්‍රීඩකයාය.

එම ලිපියේම පිහිටා සුජීව ම ජාත්‍යන්තර ඔලිම්පික් හරහා ලැබෙන ශිෂ්‍යත්වයට නම් කළ යුතුය යන මතයේ අප නැති අතර එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඇති ලිපියට අනුව සුජීව නොවන්නේනම් රෝහිත නොවන වෙනත් ප්‍රමුඛතාවය දිය යුතු ක්‍රීඩකයින් සිටින බවක් දකින්නට තිබීම ගැටළුවකි.එම ලිපියේ ඉදිරිපත් කර ඇති දත්ත අනුව රාජිත චාමර පරාජය කර නැති අතර චාමර ඉදිරියේ පරාජිතයෙකුද වේ.එසේම ඔහු ජාත්‍යන්තර වශයෙන් දිනා ඇත්තේ ලෝකඩ පදක්කමක් වන අතර රිදි පදක්කම් දිනූ අය ද සිටින බව ද චාමර තෝරා නොගැනීමට සහ රාජිත තෝරා ගැනීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට හිටපු ජාතික ජූඩෝ පුහුණුකරු අමල් රත්නායක යොමු කරන ලද ලිපියේ කරුණුවලින් පැහැදිළි කර ඇත.

මෙම තෝරා ගැනීම කර ඇත්තේ තේරීම් කමිටුවේ අනුමැතියකින් තොරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වී අතුරුදහන් වූ හිටපු ජූඩෝ සභාපති දුමින්ද අසේල සිල්වා බවත්,ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාගේ ආශිර්වාදය හිමි වි ඇති බවටත් පෙත්සම්කාර හිටපු ජාතික පුහුණුකරු මතු කරන සැකය සහ ඔහු ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාධක ලිහා බැලීම බලධාරීන්ගේ යුතුකමක්ය.

එහිදී හිටපු ජාතික පුහුණුකරු පෙන්වා දෙන්නේ දුමින්ද අසේල පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එකතු වෙන්නේ එංගලන්තයේදී පැන යාමේ අපේක්ෂාවෙන් බව ජාතික ඔලිමිපික් කමිටු ලේකම් මැක්ස්වල් ද සිල්වාට හිටපු ජූඩෝ සභාපතිවරයෙක් වන ගයාන් ප්‍රියන්ත ඉදිරිපට දි ම පැවසූ බවය.එසේම ඔහු පවසන ආකාරයට ඒ බව දන්වා ඇත්තේ එම සංචාරයට හිටපු සභාපතිවරයා එක්වීමට මසකට කළින් බවත් ඔහු පවසයි.ඉන් අනතුරුව චාමරගේ තෝරා නොගැනීම ගැන කතා කරන්නට ගිය අවස්ථායේ අඩුම තරම් ඔලිම්පික් ලේකම්වරයා තමා හමුවීමට හෝ සූදානම් නොවූ බව ද මෙහිදි හිටපු ජාතික පුහුණුකරු පෙන්වා දෙයි.ඒ ඇසුරෙන් ඔහු ඉදිරිපත් කරන තවත් වැදගත්ම චොදනා වන්නේ දුමින්ද අසේලගේ තේරීමට අනුව රාජිත පුෂ්පකුමාර නම් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සහ එහි ලේකම්වරයා සහයෝගය දක්වා ඇති බව,අදාළ ක්‍රීඩකයාට ඔලිම්පික් ශිෂ්‍යත්වය ලබා දීමට අතුරුදහන් සභාපති මුදල් ලබාගෙන වංචනික ලෙස කටයුුතු කර තිබීම සහ 2023 ශ්‍රී ලංකා ජූඩෝ සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් නිකුත් කර තිබෙන බවය.

මෙම චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ සම්බන්ධ වාර්තා ගැන අවධානය යොමු කිරීම මෙහිදී මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණයක මූලික පියවර විය යුතු අතර නීතිමය වශයෙන් ද අදාළ සිදුවීම පරීක්ෂණයකට ලක් කර මේ නිලධාරීන් ප්‍රධාන වශයෙන් රටේ ක්‍රීඩාවේ දිශාන්තිය කීරණය කිරීමේ සාධක වන බැවින් ඔවුන්ගේ දෝෂ හෝ නිර්දෝෂ බව සහතික කර සමාජයට ඉදිරිපත් කිරිම වැදගත්ය.

එසේම, ඔලිම්පික් කමිටු ලේකම්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් යොමු කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී අතුරුදහන් වූ හිටපු මල්ලවපොර සභාපතිවරයෙක් වූ එම්.ඒ.සී.කේ.මල්ලවආරච්චි නැමත්තා ඔලිම්පික් කමිටුව හරහා එම තරගාවලියට සහභාගි වී ඇද්ද යන්න සනාත කිරීමට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා තිබිණ.එම කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කළ යුතුව තිබුණේ ඊයේ (දෙසැම්බර් 27) දිනයේ ය. ඊයේ දිනය වන විට පවතින් මල්ලව පොර පරිපාලනයද අත්හිටුවා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත් කර තිබෙන අතර මේ සියලු කරුණු ලංකාවේ ක්‍රිඩාව සම්බන්ධයෙන් බලපාන බරපතල චෝදනා වන බැවින්,කෙනෙක් මේ චෝදනා ගොනු කරන්නේ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුුදුන් පමුණුවා ගැනීමට නොහැකිවීම නිසාම පමණක් ද යන්න විමසා බලා නිවැරදි නීතිමය තක්සේරුවක් ලබා දීමට කටයුතු කළ යුතුය.රට වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් යම් යම් පළුදු සහිත චෝදනාවලට ලක්වන්නේනම් ඒවා ඇත්තද නැතිනම් බොරු ද යන්න පැහැදිළි කර දීම මෙන්ම බොරුනම් ඒවා ඉදිරිපත් කළ අයට දඩුවම් පැමිණවීම සහ ඇත්තනම් චෝදනාලාභීන්ට දඩුවම් පැමිණවීම කිරීම ක්‍රිඩා බලධාරීන් නොපමාව කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan