කිංබානට් පරිච්ඡේදය නිම කරමින් හරිත් හදිසියේම නික්ම යයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී, දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන මහතා අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.

කිංබානට්, ඇටමැස්සා සහ ඇඩ්වර්ටයිසිං ලෝකය ඔහු විසින් ලියන ලද අමතක නොවන විශේෂාංග ලිපි පෙළකි.

සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන මහතා , අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඇති වූ හදිසි  රෝගී තත්වයකින් මියගොස් ඇති බව වාර්තාවේ. 

හරිත් ගුණවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද වේ.

ඔහුගේ මේ හදිසි නික්ම යෑම ඔහු හද බැදගත් කිසිවෙකුටත් තවමත් අදහා ගැනීමට නොහැකි ඉතාමත් කණගාටුදායක පුවතකි.

අදරණීය LNW හිතවතාණෙනි, ඔබගේ මේ වෙන්ව යෑම පිළිබඳ අප LNW පවුලේ හෘදයාංගම ශෝකය පලකර සිටිමු!

සහෘදයාණෙනි ඔබට සුබ ගමන් !!!


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...