කොවිඩ් ඕනෑවටත් වඩා බාල්දු කර අනවශ්‍ය අවධානමක් ඇති කරලා  – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (28) දින  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ,සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ඕනෑවටත් වඩා බාල්දු කිරීම තුළින්  අනවශ්‍ය අවධානමක් ඇති කරවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ,

” කොවිඩ් සඳහා ඖෂධ නැහැ කියන එක බොරුවක්. ලංකාවේ නැති වුණාට, කොවිඩ් සඳහා ප්‍රති වෛරස ඖෂධ තිබෙනවා. කොවිඩ් සඳහා පරීක්ෂණ කිරීමයි, ආවේක්ෂණ පරීක්ෂණයි ඇතැම් අය පටලවාගෙන තිබෙනවා.

අනිත් සියළු රෝග සඳහා තිබෙන පරීක්ෂණ හැකියාවට විලංගු දාලා, කොවිඩ් වලට විතරක් අනුමාන වලින් ප්‍රතිකාර කිරීම බරපතල වරදක්.ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක වරයෙක්, හොර ඖෂධයක් පිළිබදව චෝදනා ලැබූ හිටපු ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටීම මගින් එම අධිකාරිය ස්වාධීන නැති බව තහවුරු වෙනවා.

මනෝජ් ගමගේ ගේ හැසීරීමත් සමඟ හොර WOR ලියවිල්ල අමතක කිරීම වරදක් බව තහවුරු වෙනවා.හොර ලියවිලි හොරා විසින් වගේම, අහුවුණු වෙලාවට ගැලවෙන්න හිතාගෙන අයතිකාරයා විසින්ම හදන අවස්ථාත් තියනවා. වෛද්‍ය බෙල්ලන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ සැක මතු කලාට, ඔහු ඉන්නෙත් හොරු අල්ලන්න ඕනේ කියන අයගේ පැත්තේ කියන එක අමතක කරන්න හොඳ නෑ”

ලෙස කුමුදේශ් මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...