දකුණු අප්‍රිකානු අධිකරණය විසින් ෂෙල් සමාගම තහනම් නියෝගයක්

Date:

දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් රටේ නැගෙනහිර වෙරළ තීරයේ තෙල් සහ ගෑස් සඳහා තෙල් සුප්‍රකට ෂෙල් සමගාම විසින් සිදුකරන භූ කැනීම් පරික්ෂාව නිශ්චිත තීන්දුවක් ලැබෙන තෙක් නවතා දැමීමට තීරණය කර තිබේ.

මෙම තීරණය එරට පරිසරවේදීන්ගේ පැසසුමට ලක්ව ඇති අතර, පිපිරවීම් නිසා සාගර ජීවීන්ට හානියක් වන බවට වූ අවදානම පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී තිබිණි.

ෂෙල් සමාගම පැවසුවේ එය නිසි විනිශ්චයක් පැමිණෙන තෙක් මෙහෙයුම් අතරතුර වූ “විරාමයක්” බවයි. නමුත් දකුණු අප්‍රිකාවේ බලශක්ති අමාත්‍ය Gwede Mantashe එම ව්‍යාපෘතියේ විවේචකයින්ට චෝදනා කර තිබුණේ ඔවුන්ට අප්‍රිකාවට බලශක්ති සම්පත් අහිමි කිරීමට අවශ්‍ය බව පවසමිනි.

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතේ 250km දිගු (සැතපුම් 155) වෙරළ තීරය එහි ස්වභාවික සුන්දරත්වය සහ සාගර ජීවීන් සඳහා ප්‍රකට කලාපයකි.

පරිසරවේදීන් තර්ක කරන්නට වුයේ තල්මසුන්, ඩොල්ෆින් සහ සීල් ඇතුළු බොහෝ මුහුදු ජීවීන් භූ කම්පන පරීක්ෂණයෙන් බලපෑමට ලක්වන බවයි.

නඩුව වෙනුවෙන් සාක්ෂි ලබා දුන් ව්‍යාපෘති කලාපයේ ජීවත් වන ප්‍රාදේශීය ප්‍රජාවන් කියා සිටියේ ඉඩම් සහ ධීවර කර්මාන්තය සඳහා මෙන්ම ඔවුන්ගේ සම්ප්‍රදායික අයිතිවාසිකම්වලට ද මෙම සමාගම ගරු කර නොමැති බවයි.

මුහුදු පතුලේ ඇති දෑ සිතියම්ගත කිරීම මෙම භූ කැනීම් සමීක්ෂණය තුළ සිදු කෙරේ. ෂෙල් සමාගම විසින් දෙසැම්බර් මස මුලදී වර්ග කි.මී. 6,000ක ප්‍රදේශය මැන බැලීම ආරම්භ කර තිබිණි.

මෙම නඩුව තවදුරටත් දිගු වූවහොත් ඩොලර් මිලියන ගණනක් වටිනා තෙල් හා ගෑස් නිස්සාරණය කිරීමේ අවස්ථාව අහිමි කරමින් සම්පූර්ණ මෙහෙයුම අවලංගු කළ හැකි බවට Shell සමගම මීට පෙර අනතුරු අඟවා තිබුණි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...