තවත් බිලියන ගණනක ඖෂධ ප්‍රශ්නයක් ගැන වෛද්‍ය චමල්ගෙන් හෙළිදරව්වක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය සමයේදී ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වර්ග රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇනවුම් කර ඇති අතර මේ වනවිට එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග වෛද්‍ය සැපයුම් අංශයේ පර්යන්තවල කල් ඉකුත් වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

“පහුගිය කාලේ අපේ රටට ඖෂධ ඇනවුම් කිරීමේදී, රටේ ඖෂධ හිඟයක් තිබියදී, සමහර අවස්ථාවලදී ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් රටට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇනවුම් කිරීම පිළිබඳ අපි දිගින් දිගටම රටට පෙන්වලා දුන්නා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කළා. අපි දකිනවා මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වීඩ්යෝ පට සංසරණය වෙමින් පවතිනවා පසුගිය කාලයේ අපේ රටට ගෙන්වන ලද ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග වෛද්‍ය සැපයුම් ඒකකය, නාරාහේන්පිට වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා, අනුරාධපුර වෛද්‍ය සැපයුම් ඒකක පර්යන්තවල කල් ඉකුත් වෙමින් පවතින ඖෂධ සම්බන්ධව. මේක ඉතාමත්ම භයානක තත්වයක්. මම මේ ගැන තොරතුරු ලැබුණු වෙලාවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මැතිතුමාට කිව්වා කල් ඉකුත් වීමට ආසන්න රුපියල් බිලියන ගණනක් වටිනා ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකක පර්යන්තවල පවතිනවා, මාත් එක්ක ඒවා බලන්න යන්න එන්න කියලා. හැබැයි අවාසනාවට වගේ ඔහු මේ ගැන කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා දැක්වූයේ නෑ. පසුගිය කාලයේදී ලංකාවට ගෙනාපු ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග විශාල වශයෙන් දැන් මේ විදියට කල් ඉකුත් වෙමින්, වැස්සට තෙමෙමින්, කන්ටේනර් පෙට්ටිවල පවතින බව ඉතා පැහැදිලියි. මේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්වල සල්ලි. හාල් මිල වැඩිවෙලා, පොල් මිල වැඩිවෙලා, ලුණු නැතිවෙලා තියෙන්නෙ මේවාට සල්ලි ගෙවන්න වෙච්චි නිසා”

වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ද ලබාගත් නමුත් ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිවූයේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...