විශිෂ්ඨ ආරම්භයක් සහ අශිෂ්ඨ පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 29 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිශ්ශංක(90) සහ කුසල් මෙණ්ඩිස් (46) පළමු කඩුල්ලට එක් කළ ලකුණු 121 ක් වූ ලකුණු ප්‍රමාණය සෙසු පිතිකරුවන්ගේ නොසැළකිල්ල සහ වගකීම් විරහිතභාවය නිසා ශ්‍රී ලංකාවට තරගයේ ජය වෙනුවට පරාජය හිමිකර ගැනීමට සිඳු විය.ලකුණු 172 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් සහ පැතුම් පන්දු ඕවර් 13.3 ක් නිමා වන තැන ලකුණු 121 ක් කර තිබූ ලකුණු පූවරුව,පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 164 ක් විය.සෙසු පිතිකරුවන් කිසිවෙකු, අඩුම තරමේ ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට අසමත් විය.


මේ ක්‍රීඩා පිටියේ මංගල එක්දින තරගය ද පරාජය වෙමින් මවුන්ට් මවුන්ගනුයි ක්‍රීඩාංගණයේ දී පරාජයට පත් පළමු කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්ව තිබෙන නමට තවත් පරාජයක් අත් කර දෙන්නට මූලීක වූ පන්දු යවන්නා ජාකොබ් ඩුෆී විය.තරගයේ 14 වන පන්දු ඕවරයේ දී ඩුෆී විසින් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දවා ගන්නට යෙදිණි.තරගයේ වීරයා වීමේ භාග්‍යය එම දස්කම හරහා හිමි කර ගත් ඩුෆි නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.


මෙම ක්‍රීඩාංගණ ඉතිහාසයේ පළමු තරගය වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරගයේදී ද,ශ්‍රී ලංකා පරාජයට මඟ කියූ පන්දු යවන්නා වූයේ ට්‍රෙන්ඩ් බෝල්ට් ය.ඔහු ද,ඩුෆි මෙන්ම ලකුණු 21 ට කඩුලු 3ක් දවා ගැනීමෙන් තරගයේ වීරයා වීම කැපී පෙණින.මෙම තරගයේදී ඩුෆීට පමණක් නොව සෙසු පිතිකරුවන්ට ද,ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඇති කළ පීඩනය ලිහිල් කළ සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය මෙන්ම නවසීලන්තයේ අති විශිෂ්ඨ පන්දු රැකීම ද නොසළකා හැරිය නොහැකිය.


විශේෂයෙන් ලකුණු 90 ක් ලබා ගෙන සිටි පැතුම් නිශ්ශංක දවා ගැනීම සඳහා හතරේ සීමාව ආසන්නයේ දී ටිම් රොබින්සන් රැකගත් උඩ පන්දුව ඊට කදිම උදාහරණයක් ලෙස ගත හැකිය.ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැළකිල්ල සහ වගකීම් විරහිතභාවය ගැන අපූරු නිදසුනක් ලෙස කුසල් මෙණ්ඩිස් දැවී ගිය පසුව යවන ලද ඉතිරි පන්දු දෙකේදී කුසල් පෙරේරා සහ කමිඳු මෙණ්ඩිස් දැවී යන්නේ ද,කුසල් දැවී ගිය ආකාරයටම කඩුලු රකින්නා වෙත උඩ පන්දු ලබා දෙමින්ය.එම උඩ පන්දු එකම ආකාරයෙන් ලබා ගත් ඒවා නොවුණත්,පන්දු යවන්නා එකම ආකාරයට පිතිකරුවන්ව අවදානම් පහර සඳහා පෙළඹවිමට ගත් උත්සාහය සාර්ථක වී බව පැහැදිළිය.


ශ්‍රී ලංකාව කාසියේ වාසියෙන් පසුව පන්දුවට පහර දීමට නවසීලන්තයට කළ ආරාධනය නිවැරදි බව සනාත කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දු ඕවර් 9.5 ක් ගෙවෙන තැන ලකුණු 67 ට කඩුලු 5 ක් දවා ගෙන සාර්ථකව උන්හ.එහෙත් ඉනික්බිති කඩුල්ලේ එකතු වූ මිචෙල් බ්‍රේස්වෙල් (පන්දු 33 දී ලකුණු 59) සහ ඩැරල් මිචෙල් (පන්දු 42 දී ලකුණු 62) හයවන කඩුල්ල සඳහා ලකුණු 105 ක විශිෂ්ඨ සබදතාවක් තබන්නට සමත් විය.එයට චරිත් අසලංක විසින් රැක ගත යුතුව තිබුණු,එහෙත් අසීරු උඩ පන්දුවක් ගිලිහී යාම ද බෙහෙවින් බලපෑවේය.


ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් විශාල අඩු පාඩුවක් නොවිණ.ඔවුන් සියල්ලම පාහේ හොඳින් පන්දු යැවිමට උත්සාහ ගත්තේය.ඒ අතරින් බිනුර ප්‍රනාන්දු ලකුණු 22 ට කඩුලු 2 ක් සහ මහේෂ් තීක්ෂණ ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.ප්‍රහාරයකට ගොඳුරු වූ එක පන්දු යවන්නා වූ මතීශ පතිරණ සිය පන්දු ඕවර් 4 තුළ ප්‍රතිවාදීන්ට එක් කඩුල්ලක් දවා ගැනීම සඳහා ලකුණු 60 ක් ලබා දී තිබිණ.
තරගයේ සමස්ත ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://es.pn/3PbbZKe

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...