මනූෂගේ සොහොයුරාට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ (LNW):

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) දින හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...