දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 177 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ බැංකොක් සිට මුආන් ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබුණු ජෙජු එයාර් විසින් මෙහෙයවනු ලබන බෝයිං 737-800 ගුවන් යානා අනතුරින් මිය ගිය සංඛ්‍යාව 177 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

බෝයිං 737-800 ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 181 දෙනෙකු සමඟ පැමිණි ගුවන් යානයෙන් දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් 04 දෙනෙකු පමණක් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

කෙසේ නමුත් Azerbaijan Airlines E190 කසකස්තානයේ කඩා වැටීමෙන් පසු සතියක් ඇතුළත සිදුවූ දෙවන මාරාන්තික අනතුර මෙය වන අතර නිලධාරීන් සුන්බුන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන අතර ගුවන් යානය අනතුරට ලක් වීමට මෙතෙක් කිසිදු හේතුවක් වාර්තා වී නොමැත.

ගුවන අනතුර සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අයහපත් කාලගුණය හා පක්ෂීන් පහරදීම අනතුරට හේතු වන්නට ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!