ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW:

කඩුලු 2 ක් දැවී ලකුණු 221 ක්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ සිව්වැනි විස්සයි විස්ස තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සටහන දැක් වුණේ ඉහත ආකාරයටයි.මේ තරගයේදී කාසියේ වාසිය ලබන්නට වාසනාව ලද ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනය කර,තරගාවලියේ පළමුවරට ඉන්දියාව මුලින් පහර දුන්නොත් කොහොමද කියන කාරණය සළකා බලන්නට අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණා.ඒ සළකා බැලීමේ ප්‍රතිඵලය තමයි ඉහත ලකුණු සටහනින් කිය වුණේ.


ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා අතරින් මේ තරගාවලියේ දත්ත දෙස බලන විට වඩාත් ප්‍රචණ්ඩ හැසිරීම ප්‍රකට කරමින් සිටින්නී ෂෆාලි වර්මා යි.ඇය ඒ ප්‍රාහාරය මේ තරගයේදීත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කරමින් පන්දු 46 දී ලකුණු 79 ක් ලබා ගන්නවා. ඉන්දීය කණ්ඩායම සතු සුපිරිම පිතිකාරිණිය වන ස්ම්‍රිතී මන්දනා මේ තරගාවලියේ දී ස්වීය අනන්‍යතාවය පැහැදිළි කළ පළමු තරගය මෙය වුණා.ඇය සෆාලි සමඟ පළමු කඩුල්ලට ලකුණු 162 ක සබඳතාවයක් තැබීමට මෙන්ම පන්දු 48 දී ලකුණු 80 ක් ඉන්දියාව වෙනුවෙන් ලබා දෙන්නටත් සමත් වුණා.


තරගයේ 16 වන ඕවරයේ දෙවන පන්දුව යැවීමට පෙරාතුව ඉන්දීය ලකුණු පූවරුව සටහන් වුණේ කඩුලු නොදවී ලකුණු 162 ක් ලෙසයි.එම අවස්ථාවේදී ෂෆාලි ෂර්මා දැවී ගියත් ඉන් පසු පැමිණි රිචා ගෝස් ඉන්දීය ආක්‍රමණයේ සිත් පිත් නැති ප්‍රචණ්ඩ ස්වභාවය අඩු වෙන්නට ඉඩ දුන්නේ නැහැ.ඇය තරගය නිමා වන විට පන්දු 16 දී නොදවී ලකුණු 40 ක් ලබා සිටියේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ත් සමඟයි.


හ්‍රී ලංකා පන්දු යවන්නියන්ට කිසිදු අනුකම්පාවක් නැතිව එල්ල වූ ඉන්දීය ප්‍රහාරයෙන් යම් තරගකට හෝ ගැල වී සිටි මල්ෂා ෂෙහානි ලකුණු 32 ට කඩුල්ලක් දවා ගනු ලැබුවා.ඊට අමතරව සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ පළමු කඩුල්ල වාර්තා කළ නිමාෂා මධුශානි ඒ වෙනුවෙන් ලකුණු 40 ක් ඉන්දියාවට ලබා දී තිබුණා.


පිළිතුරු ඉණිමේදි ශ්‍රී ලංකාවට ඕවරයකට ලකුණු 11 ඉක්මවා ලබා ගනිමින් ජයග්‍රහණය කරා යාමට සිඳු වුණා.ආරම්භක කඩුල්ල වෙනුවෙන් හයවන පන්දු ඕවරයේ තෙවන පන්දුව වන විට චමරි අත්පත්තු (52) සහ හසිනි පෙරේරා (33) ආරම්භක කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවයක් තබමින් ඉන්දියාවේ අභියෝගය සාර්ථකව භාර ගනිමින් සිටියා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දුන් සියළු පිතිකාරිණියන් සිය ලකුණු ලබා ගැනීමේ වේගය සියය ඉක්මවා තබා ගනිමින් පහර එල්ල කරමින් ඉන්දියාව ලබා දුන් අසීරු ඉලක්කයට ළඟා වීමට උත්සාහ කළ ද,විසිවන ඕවරයේ අවසාන පන්දුව යවා නිමා වන විට ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 191 ක් ලෙස සටහන්ව තිබුණා.
ඉමේෂා දුලානි යළිත් තමන්ට ලබා දුන් අවස්ථාව වැරදි නැති බව තහවුරු කරමින් ලකුණු 29 ක් රැස් කරනු ලැබුවා.හර්ෂිතා සමරවික්‍රම ලකුණු 20 ක් සහ නිලක්ෂිකා සිල්වා නොදැනී ලකුණු 23 ක් ලබමින් කැපී පෙණුනා.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://bit.ly/4jezLD8

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...