මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව මේ වනවිට තහවුරු කරගෙන ඇති බව ඉතාම රහසිගත අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මුල්වරට පැවති අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂයට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මේ වනවිට ආණ්ඩු පක්ෂය හා එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පොරොන්දු වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිණිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එකඟතාවන්ට පැමිණීමට හැකිවී ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගරසභාවේ 2026 අයවැය සඳහා මුල්වරට ඡන්ද විමසීම පසුගිය 22 වනදා පැවති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 60කුත් අයවැයට පක්ෂව ඡන්ද 57කුත් ලැබී තිබිණි.

එම අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම දෙසැම්බර් 31 වනදා පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...