දේශපාලන ප්‍රහසනයේ කිං : හරිත්ගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස

Date:

ප්‍රවීන මාධ්‍යවේදීයකු හා ප්‍රකට දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28) උදැසන අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය අංක 181/B/1/6, සුහඳ මාවත, ඇරැව්වල පාර, මොරකැටිය, පන්නිපිටිය නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු සෙනසුරාදා (30) පස්වරු 4.00ට ඇරැව්වල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලබන බව පවුලේ ඥාතීහු පවසති.

ඉරිදා දිවයින පුවත්පතට දසක කිහිපයක් පුරා ඔහු විසින් රචිත ”කිංබානට්” දේශපාලන තීරුලිපිය අතිශයින්ම ජනප්‍රිය වුවකි. TNL හි “ඕල්වේස් බ්‍රේක්ඩවුන්” නමින් විකාශය වූ සැකිලි රූ වැඩ සටහන ද හරිත්ගේ නිර්මාණ අතර අමතක නොවන්නකි. ඔහු විසින් මවන ලද කිරිබර්ටි, ඇම්ඩන්, ඇනිබල්, ඇල්පේනිස්, බිංකොමාන්ඩෝ, ගොන්සන් සහ සේලයින් වැනි චරිත රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය විය.

‘ද ලීඩර්’ වෙබ් අඩවියේ සහ LNW වෙබ් අඩවියේ පළවූ ඇටමැස්සා සහ ඇඩ්වර්ටයිසිං ලෝකය ඔහු විසින් ලියන ලද සුවිශේෂී විශේෂාංග ලිපි පෙළකි.

මෑත කාලීනව සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හරිත් ගුණවර්ධන මහතා, මෙරට ප්‍රකට දැන්වීම් ආයතන කිහිපයකම සේවය කල නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...