*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

රජයේ පොහොර සමාගම් දෙක මි.480ක ශුද්ධ ලාභයක් උපයයි!

කොළඹ LNW: රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබේ.

මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාභ උපයා ඇත.

මෙම පොහොර සමාගම් දෙක තුළින් පොහොර සැපයීම ඇතුළු ගොවි ජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්වුණ අතර එහිදී මෙම සමාගම් වල ලාභය ගැන කියවුණේ.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමීම ද ඊයේ අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

දැනට මෙම පොහොර සමාගම් දෙක මගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සැපයීම සිදු කරන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කරමින් පලිබෝධ නාශක අලෙවිය සඳහා ද කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගම් දෙකෙහි සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ සඳහා අනපනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබා දෙන අතර එමෙන්ම ඉදිරියේ දී රජය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළින් ඉවත් වන නිසා මෙම සංස්ථා දෙක පුද්ගලික අංශය හා තරගකාරීව පොහොර සැපයීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan