අපි ඇමතිවරු තුන්දෙනාට කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න – වාසු (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට තමන්ට, විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

“ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා ඔක්කොම ජනමාධ්‍යකරුවො කැඳවලාම ‘ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්ත. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම්, අස්වෙලා යනවා නම් ඒ අයගේ කැමැත්ත. මම ඒ අයව අස්කරන්නෙ නෑ’ කියලා. අපිත් එතුමාට නැවත නැවතත් කියලා තිබෙන්නෙ අපි එතුමා දාලා කවදාවත් යන්න අදහසක් නෑ. අපි එතුමා සමග මේ ගමන යන්නයි අදහස.

සාමුහික වගකීම කියලා එකක් තියෙනවා කැබිනට් එකේ ඉන්නකොට. ඒක එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊටත් පරණ ප්‍රතිපත්තියක් අපට තියෙන්නෙ. අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිය මොකක්ද කියලා. සංඝායනාව, සාකච්ඡාව, සම්මුතිය. අපි කවුරුත් එකඟවෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැඳෙන්න ඕනෙයි කියන අදහසේ අපි ඉන්නෙ. අපි ඇමතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න”

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...