එජාපය යළිත් වැඩට බසී!

0
591

එළඹෙන නව වසරේදී පක්ෂය ශක්තිමත් කරන දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ලබන සතියේදී එම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, පළාත් පාලන ආයතනය නියෝජිතයන්, බිම් මට්ටමේ සාමාජිකයන් යන ක්ෂේත්‍ර හතර යටතේ රටපුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි එජාප මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇති බවත් ලබන සතියේ සිට පූර්ණකාලීන දේශපාලන කටයුතු ආරම්භ කරන බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

මේ යටතේ ආසන මට්ටමින් පක්ෂයේ වගකීම් බාරදෙන නව සංවිධායකයන් හඳුන්වා දීමද සිදු කරන බව රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here