එජාපය යළිත් වැඩට බසී!

Date:

එළඹෙන නව වසරේදී පක්ෂය ශක්තිමත් කරන දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ලබන සතියේදී එම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, පළාත් පාලන ආයතනය නියෝජිතයන්, බිම් මට්ටමේ සාමාජිකයන් යන ක්ෂේත්‍ර හතර යටතේ රටපුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි එජාප මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇති බවත් ලබන සතියේ සිට පූර්ණකාලීන දේශපාලන කටයුතු ආරම්භ කරන බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

මේ යටතේ ආසන මට්ටමින් පක්ෂයේ වගකීම් බාරදෙන නව සංවිධායකයන් හඳුන්වා දීමද සිදු කරන බව රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...