යුගදනවි ගිවිසුමට විරුද්ධ නම් හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඒ විරෝධය පළකරන එකයි – නාමල්

0
929

ආණ්ඩුවේ සාමුහික තීරණයකට කිසිවෙකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් කළයුතු හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වී එම විවේචනය ඉදිරිපත් කිරීම බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“ගිවිසුමක් අත්සන් කරලා නම් යුගදනවි එකේ ඔය කියන කොටස් 40% ට්‍රාන්සර් වෙන්න එපැයි. නමුත් කොටස් ගිහිල්ලා නෑනෙ. ඒ කියන්නෙ පැහැදිලිවම අවසාන ගිවිසුම අත්සන් කරලා නෑ කියන කාරණය. හැබැයි චෝදනා තියෙනවා.

ඉතින් මම විශ්වාස කරන්නේ මම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් මගේ වගකීම තමයි කැබිනට් එකේ තියෙන කාරණා කැබිනට් එකේ කතා කරන එක. මාධ්‍ය සහෝදරවරුත් මගෙත් එක්ක සමහර වෙලාවට අමනාප වෙලා තියෙනවා කැබිනට් රැස්වීමෙන් පස්සෙ වොයිස් කට් එකක් දෙන්නෙ නෑ කියලා. මම දෙන්නෙ නෑ, මොකද කැබිනට් එකෙන් පස්සෙ වොයිස් කට් එක දෙන්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ඉන්නවා. ඔහු තමයි කැබිනට් එකේ කරන දේවල් පළමුවෙන්ම ප්‍රකාශයට පත්කළ යුත්තේ. මගේ කැබිනට් පත්‍රිකාවක්වත් මම කැබිනට් මාධ්‍ය හමුව ඉවර වෙනකල් කියන්නෙ නෑ. ඒ මගේ ප්‍රතිපත්තිය.

ඉතින් යම්කිසි හෙයකින් අපි සාමුහික වගකීමක් දරනවා නම් ‘අයින් කරයිද ?’ කියන කාරණය අදාළ නෑ. එහෙනම් අයින් වෙලා ඒකට අභියෝග කරන්න ඕනෙ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග කළා, අපි අයින් වුණානෙ. අපි ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. අරන් අපි අභියෝග කළේ ඊට පස්සෙ. අපි පක්ෂයේ ඉන්නකල් අභියෝග කරන්න ගියෙ නෑ. මං හිතන්නෙ යම්කිසි කෙනෙකුට ආණ්ඩුව ගැන විවේචන තියෙනවා නම් හොඳම දේ තමයි ආණ්ඩුවෙන් අයින්වෙලා ඒ විවේචන කරන එක. හැබැයි ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍ය මණ්ඩලය අපි ඒ හැම විවේචනයක්ම ආපු වෙලාවක ඒක රටට ඔබින්නේ නැත්නම් අඩියක් පස්සට අරන් තියෙනවා”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here