ඇල්පිටිය අයවැය විවාදයකින් තොරවම සම්මතයි!

Date:

කොළඹ LNW:ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සඳහා ජාතික ජන බලවේගය විසින් අද (30) මංගල අයවැය ඉදිරිපත් කර තිබුණු අතර එය කිසිදු විවාදයකින් තොරව සම්මත වී තිබේ.

සභාපති සනත් සුමනසිරි මහතා විසින් එය ඉදිරිපත් කරන ලදී.

එම අයවැය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශනගේ යෝජනාවෙන් හා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස්ගේ ස්ථිරත්වයෙන් සභා සම්මතවීම විශේෂත්වයකි.

සභාපති සනත් සුමනසිරිගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සභා රැස්වීම පැවැත්වුණ අතර ජාතික ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනෙක් සහ අනෙක් පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රිවරු 11 සමග මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් 26 දෙනෙකු මෙම විශේෂ සභා රැස්වීම සඳහා සහභාගීවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...