උතුරු ගාසා තිරයේ සෞඛ්‍ය සේවාවේ ජීවනාලිය වෛද්‍ය හුසාම් අබු සෆියා ඊශ්‍රායල් හමුදා අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ගාසා තිරයේ ගාසාවේ අවසන් ක්‍රියාකාරී රෝහල වශයෙන් ක්‍රියාත්මක වූ කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හුසාම් අබු සෆියා ඇතුළු කාර්යමණ්ඩලය ඊශ්‍රයල හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෛද්‍ය හුසාම් අබු සෆියා උතුරු ගාසා තිරයේ සෞඛ්‍ය සේවාවේ ජීවනාලිය වශයෙන් හඳුන්වන අතර ඔහු අනෙකුත් කාර්ය මණ්ඩලය සිටින ස්ථානය අපැහැදිලි නොවන බවයි ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් පවසන්නේ,

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කියා තිබුණේ, හමාස් ත්‍රස්තවාදී බලකොටුවක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් රෝහල් ප්‍රදේශය වටලා අවම වශයෙන් හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන් 240 ක් රඳවා ගත් බවයි.

ඔවුන් මෙහිදී වෛද්‍ය අබු සෆියා රඳවා ගෙන සිටි බව පිළිගෙන ඇති අතර වෛද්‍ය හුසාම් අබු සෆියා ඊශ්‍රයල යුධ ටැංකි රෝහළ විනාශ කරන විට ඉතා නිර්භීතව ඒ ඉදිරියට ගිය බව සමාජ මාධ්‍ය තොරතුරු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...